ගී‍්‍රසියේ අධිකරණයනක් මඟින් එරට හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන ආකිස් සොකට්සෝෆෝලොස්ට අවුරුදු 20 සිර දඬුවම් නියම
![]() |
ආකිස් සොකට්සෝෆෝලොස් (වමේ) |
කළේය.ඔහුට එරෙහිව ඇති චෝදනාව වනුයේ නීතිවිරෝධි මුදල් නිත්‍යානුකුල බවට පත් කිරීමයි.
ආකිස් ඇතුළු ඔහුගේ අනුගාමිකයන් 16 දෙනෙක් එම චෝදනාවට වරදකරුවන් වී ඇත.රුපියල් මිලියන හයක මෙම මුදල් ගනුදෙනුව යුරෝපියානු දේශපාලන අර්බුදයේ සංකේතයක් බව වාර්තා සඳහන් කරයි.
ආකිස් 73 වන වියෙහි පසුවන අතර පසුගිය අවුරුදු 30 පුරාවටම ගී‍්‍රක දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් විය. ඔහු 1996 සිට 2001 දක්වා ගී‍්‍රසියේ ආරක්ෂක අමාත්‍යධූරය දැරුවේය.ඔහු අමාත්‍යධූරය දරණ සමයේ යුධ උපකරණ මිලදි ගැනීමේදී අල්ලස් ලබාගත් බවත් එම මුදල් නීත්‍යානුකූල බවත් වාර්තා සඳහන් කිරීම මෙම චෝදනා එල්ල කිරීමට හේතු විය. නඩු විභාගයන්හිදී ආකිස් ඔහුට එරෙහිව තිබූ එම චෝදනා ප‍්‍රතික්ෂේප කළේය.
ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනයට අනුව යුරෝපයේ බංකළොත්ම රට වනුයේ ග‍්‍රීසියයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ගී‍්‍රසියේ හිටපු ඇමැතිවරයෙක් අවුරුදු 20ක් හිරේට
ධම්ම Wednesday, 09 October 2013 02:38 PM
ලබාගත් අල්ලස් නීත්‍යානුකූලයි කියන්න උපදෙස් ගත්තේ අපේ කෙනෙකුගෙන්ම වෙන්න ඕනෑ. (දිල්)
දර්ශන Wednesday, 09 October 2013 02:46 PM
ලංකාවේ නම් කිසිම විටෙක මෙවැනි දේවල් බලාපොරොත්තු වෙන්න එපා. (දිල්)
සිසිර විතාන Thursday, 10 October 2013 10:05 AM
ග්‍රීසියේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ... *(දී)
චන්ද්‍ර වනිගසේකර Wednesday, 09 October 2013 05:43 PM
ලංකාවේ දේශපාලන ක්‍රමය නීති ක්‍රමය පාලන ක්‍රමය ඉතාලියට ආදේශ කරානම් ඔය මුකුත් නැහැ . අපේ රටෙන් ගන්න ගොඩක් දේවල් මේ රටවලට තියෙනවා . ඇවිත් මේවා ගෙන අද්‍යනය කරන්න (ත)
උපාලි Thursday, 10 October 2013 02:39 AM
චන්දි අලුත්වල, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. මොකද දන්නවද? මෙයා "හිටපු" එක්කෙනේක්නේ. දැන් ඉන්න කෙනෙක් නම් ඔයා කියන දේ හරි. හිටපු කට්ටියට ඒ වරප්‍රසාද නැහැ. (නි)
චන්දි අලුත්වල Wednesday, 09 October 2013 12:52 PM
මේක ලංකාවේ වුණා නම්, ඇප මත මුදාහරී කියලා වගේ එකක් තමයි අහන්න වෙන්නේ (නි)
සත්‍යයා Thursday, 10 October 2013 06:58 AM
ග්‍රීසිය මේ ආදර්ශය අරගෙන තියෙන්නේ අපෙන්. (නි)
ගාමිණි Wednesday, 09 October 2013 01:11 PM
රජකම් කළත් කළකම් පල දෙනවාලු.... (නි)