
ග්‍රීසියේ සිදුවුණු දුම්රිය අනතුරින් 38 දෙනකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එරට දුම්රිය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කොස්ටාස් කර්මනාලිස් සිය ධුරයෙන් ඉල්ලා අස් විය.
අනතුර සිදුවූයේ මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටීමෙනි. අනතුර සිදුවෙද්දී මගී දුම්රියේ 350 කට වැඩි පිරිසක් සිට ඇත. දුම්රිය ගැටුම සිදුවූයේ ලරිස්සා නමැති නගරයට නුදුරිනි. අනතුරින් තුවාල ලැබූ ගණන 66 කි.
දුම්රිය අනතුරට හේතුව, සංඥා දෝෂයක් බවත්, ඊට වගකිවයුතු සියලු දෙනාට දඬුවම් ලබා දෙන බවත් ග්‍රීක අග්‍රාමාත්‍ය කිරියාකොස් මිස්ටෝසාකිස් පවසා තිබේ. දුම්රිය අනතුර හේතුවෙන් තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණි.
දුම්රිය අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම අග්‍රාමාත්‍යවරයාට භාර දී ඇත්තේ, දුම්රිය අනතුර ගැන තමන් බලවත් සේ කනගාටු වන බවත්, අනතුර සම්බන්ධයෙන් වගකීම තමන් බාර ගන්නා බවත් පවසමිනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ග්‍රීසියේ දුම්රිය ඇමැති ඉල්ලා අස්වෙයි