IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


‘ගෙබි්‍රයෙල්’ නවසීලන්තයට කඩා වදී

මහ වැසි සහ තද සුළං ද සමඟ ‘ගෙබි්‍රයෙල්’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව නවසීලන්තයට කඩා වැදුණි.

නවසීලන්ත මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වනවිට නවසීලන්ත වැසියන් දහස් ගණනක් මේ වනවිට විදුලි බලය නොමැතිව පීඩාවට පත් වී සිටින බවය.

‘ගෙබි්‍රයෙල්’ සුළි කුණාටුව නවසීලන්තයට හමා ආවේ ඔස්ට්‍රේලියාව පසු කරමිනි.

සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇඟවීමට නවසීලන්ත කාලගුණ විද්‍යාඥයන් කටයුතු කර තිබුණි.

ඕක්ලන්ඩ් නගරයට සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇති බව ද පැවැසෙයි. නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී ඇත. විදුලි බල සැපැයුම්වලට බාධා එල්ල වී තිබේ.

මිලි මීටර් 200 ක වර්ෂාපතනයක් ද සමඟ සුළිකුණාටුව හමා ආවේ පැයට කිලෝ මීටර් 130 ක තද සුළං ද සමඟය.

සුළි කුණාටුවෙන් සහ ජල ගැලීම්වලින් අනතුරක් විය හැකි යැයි අනුමාන කළ නගර වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කල්තියා නවසීලන්ත බලධාරීන් උපදෙස් දී තිබුණි.

සුළි කුණාටුව සම්බන්ධයෙන් කල් තියා ලැබුණු අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගනිමින්, දින තුනකට පමණ ප්‍රමාණවත් ආහාර සහ පානීය ජලය එක්රැස් කර ගැනීමට ඕක්ලන්ඩ් නුවර වැසියෝ කටයුතු කළහ.

නවසීලන්ත ජාතික ගුවන් සේවය වන ‘එයාර් නිව්සීලන්ඩ්’ ඔවුන්ගේ අභ්‍යන්තර ගුවන් ගමන් සුළි කුණාටුව හේතුවෙන් අවලංගු කර ඇත.

(බීබීසී)



අදහස් (0)

‘ගෙබි්‍රයෙල්’ නවසීලන්තයට කඩා වදී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 21681 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18104 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10836 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 531 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 164 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 824 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site