IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ගිනි භටයෝ කොලු රැලක් නාවති

මේ දිනවල බ්‍රිතාන්‍යයේ පවතින්නේ අධික ශීත කාලගුණයකි. බැලූ බැලූ අත හිම වැටෙයි. පාසල් ද වසා ඇත. ශීතලද නොතකා සිය රැකියාවන්හි යෙදෙන වැඩිහිටියෝ ද, සිසුහු ද තරුණ තරුණියෝ ද වීදි පුරා හිම සෙල්ලම් කරති.

මෙසේ හිම මත නටමින් සිටි තරුණයින් පිරිසකගේ ඇස ගැටුණේ ඔවුන් සිටි ස්ථානයෙන් පහළ ගග ඔස්සේ   මුර සංචාරයේ යෙදී සිටි ගිනි නිවන භටයන් රැගෙන ගිය බෝට්ටුවකි. ඔවුනට ඔච්චම්  කිරීමට සිතාගත් මේ කොලූ රැල හිම බෝල සාදා ගිනි නිවන භටයන්ට පහර දීමට පටන් ගත්තේ ඔවුන් සිටින්නේ ගං දිය මත බැවින් ඔවුනට තමන්ට එරෙහිව කිසිත් නොකළ හැකියැයි සිතමිනි.

එහෙත් සිදුවූයේ අනෙකකි.ගිනි නිවීම් භටයන් තමන් සන්තකයේ වූ ගිනි නිවීම් ආම්පන්න යොදාගෙන කොලූ රැලට ජල ප්‍රහාරයක් එල්ල කළේ කිසිවෙකුත් නොසිතූ පරිදිය.සීතල මදිවට හොද නෑමකුත් ලබාගත් කොලූ රැල වහ වහා එතැනින් පලා යාමට කටයුතු කළේ තවත් බැට කෑමට නොහැකි තැනය.

 

 



අදහස් (0)

ගිනි භටයෝ කොලු රැලක් නාවති

සිරී Thursday, 24 January 2013 01:29 PM

ලංකාවේ හිම වැටුනාමම් අපිත් මෙහෙම කරනවා.. ඒත් බෝට්ටු වල තියෙන ගිනි නිවන හමුදාවක් අපිට කෝ ??? (ස)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 22 January 2013 11:35 AM

කවට විහිළුවට ඒ විදියටම උත්තර දුන්නා. නියමයි. (ත)

:       0       0

පාලි - ඩුබායි Tuesday, 22 January 2013 11:59 AM

බලනකොට හරිම ජොලි. (ත)

:       0       0

ගාමිණී Tuesday, 22 January 2013 01:32 PM

කොල්ලෝ කෙසේ වෙතත් ෆොටෝ එකේ ඉන්නෙ නම් වයසක මනුස්සයෙක්නේ...කොල්ලෝ දුවන්න ඇති (ස)

:       0       0

චම්පික Tuesday, 22 January 2013 03:11 PM

නොමිලේ නාවනු ලැබේ (දී)

:       0       0

මුතුකුඩ Tuesday, 22 January 2013 10:48 PM

ඇත්තෙන්ම මෙයත් විනෝදජනක දර්ශනයක්. ලංකාවේත් මෙවැනි විනෝදජනක දේ සිදුවෙනවා. (නි)

:       0       0

උපුල් Tuesday, 22 January 2013 10:45 AM

මෙහෙ ඔය වගේ උනා නම් මේ වෙනකොට කොල්ලෝ ටික පොලීසියේ . ලංකාවේ එහෙම උනත් එංගලන්තේ එහෙම වෙන්නේ න . හොද ප්‍රවෘත්තියක් .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1745 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1439 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 517 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site