IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ගඩාෆි හිතවාදීන් අතට පත්වූ ලිබියා නගරයේ වෙනම පාලනයක්

ඝාතනය කෙරුණු ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ හිතවාදීන් පිරිසක් විසින් ඉකුත් 23 වැනිදා යළි අත්පත් කරගත් බානී වාලීඞ් නමැති ලිබියා නගරයේ මේ වනවිට නව ප‍්‍රදේශීය පලාන සභාවක් පිහිටුවා ඇති අතර එම පාලන සභාවට අන්තර්වාර පාලක මණ්ඩලයේ ද අනුමැතිය ලැබී තිබේ. ගඩාෆි බලයෙන් නෙරපා දැමීමට සටන් වැදුණු කැරැුලිකරුවන්ගේ දේශපාලන හඬ වූයේත්, වර්තමානයේ ලිබියාවේ පාලන කටයුතු පවරා ගෙන සිටින්නේත් ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයයි. බානී වාලිඞ් නගරයට කඩා වැදී ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයේ කැරැලිකරුවන්ට පහර දී පන්නා දමා නගරය අත්පත් කර ගත් ගඩාෆි හිතවාදී සෙබළුන් එම ප‍්‍රදේශීය පාලන සභාව පිහිටුවා ඇත්තේ නගරයේ සිටින ගෝති‍්‍රක ප‍්‍රධානීන්ගේ ද සහාය ඇතිව යැයි වාර්තා වේ. බානී වාලිඞ්හි පිහිටුවා ඇති නව පාලන සභාවට තම අනුමැතිය ලබා දීමට කටයුතු කළේ රටේ සාමය දිගටම පවත්වා ගෙන යෑමට අවශ්‍ය නිසා යැයි ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය නිවේදනය කරයි.



අදහස් (0)

ගඩාෆි හිතවාදීන් අතට පත්වූ ලිබියා නගරයේ වෙනම පාලනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 179 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 57 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site