ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.
‘ස්පේස් එක්ස්’ යනු බිලියනපති ඉලොන් මස්ක්ට අයත් අභ්‍යවකාශ ගමන් බිමන්වල නියැලෙන පෞද්ගලික සමාගමකි. අතමිටසරු ඕනෑම අයකුට, ‘ස්පේස් එක්ස්’ සමාගම සමඟ එක් වී, ගගනගාමියකු ලෙස කෙටි පුහුණුවක් ලබා ගැනීමෙන් ද පසු, අභ්‍යවකාශය දක්වා සවාරියක් යෑමටත් ආපසු පැමිණීමටත් හැකියාව ඇත.
‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරයට එක් වුණු ගගන සංචාරකයන් සිවුදෙනා පෘථිවි කක්ෂයේ කිලෝ මිටර් 1,400 කට වඩා වැඩි දුරක්, ඈතට ගොස්, දින කීපයක් ඈත පෘථිවි කක්ෂයේ රැඳී සිටිමින්, ඔවුන් ගමන් කළ ‘කෲ ඩ්‍රැගන්’ නමැති ගගන කැප්සියුලයෙන් පිටතට පැමිණ, අභ්‍යවකාශයේ පාවී (මෙය ගගන සක්මනක් ලෙස හැඳින්වෙයි.) අලුයම යළි පෘථිවිය බලා පැමිණියහ.
වාණිජ ගගන සංචාරයකින්, අභ්‍යවකාශයට ගිය ගගන සංචාරකයන් සිවු දෙනකු ගගන සක්මනක නියැලුණු පළමු අවස්ථාව මෙයයි. ස්පේස් එක්ස් ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුලයේ නැගී මෙම සංචාරයට එක් වූයේ පිරිමින් දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනෙකි.
බිලියනපති ව්‍යාපාරික ජැරඩ් අයිසෙක්මන්, ගුවන් හමුදා නියමුවකු ද වන ස්කොට් පොටේට සහ ස්පේස් එක්ස් සමාගමේ ඉන්ජිනේරුවරියන් දෙදෙනකු වන ඇනා මෙනොන් සහ සේරා ගිල්ස් යනු ඔවුන් සිවුදෙනාය. 41 හැවිරිදි ජැරඩ් අයිසෙක්මන් මීට පෙර ද ගගන සංචාරකයකු ලෙස අභ්‍යවකාශයට ගොස් ඇත. කණ්ඩායමට නායකත්වය දුන් ඔහු, මෙම සංචාර වෙනුවෙන් බර පැන දැරූ බව ද පැවැසෙයි. අභ්‍යවකාශයට යෑමෙන් පසු කෲ ඩ්‍රැගන් කැප්සියුලයෙන් පළමුවෙන් පිටතට ආවේ ද අයිසෙක්මන්ය.
ස්පේස් එක්ස් ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල පසුගිය සැප්තැම්බර් 10 වැනිදා අභ්‍යවකාශය බලා ගියේ ස්පේස් එක්ස් ‘ෆෝල්කන් 9’ අධිබලැති රොකට්ටුවේ ආධාරයෙනි. ස්පේස් එක්ස් සමාගම ඔවුන්ගේ අභ්‍යවකාශ කටයුතු සිදු කරන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ හවුලේය. නාසා ගගනගාමීන් පෘථිවි කක්ෂයේ පහළින් ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළට ගෙන යෑමටත් ආපසු ගෙන ඒමටත් ‘ෆෝල්කන් 9’ රොකට්ටු සහ ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල භාවිතයට ගැනෙයි.
ගගන සක්මන් අවසන් වීමෙන් පසු, ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල, එහි එන්ජින් පණ ගන්වා, තෙරපුම් පද්ධති ක්‍රියාත්මක කර, යළි පෘථිවිය බලා පැමිණියේය. කැල්සියුලය පෘථිවි වායුගෝලයට ඇතුළු වූයේ සෙල්සියස් අංශක 1,900 ක උෂ්ණත්වයක් යටතේය. ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල ෆ්ලොරීඩා වෙරළට ඔබ්බෙන් අත්ලාන්තික් සාගරයට පතිත කෙරුණේ යෝධ පැරෂූට් ආධාරයෙන් වේගය අඩාල කිරීමෙන් පසුවය.
මෙම මෙහෙයුමට ආදාල සියලු වැදගත් සිදුවීම් සජීවී ලෙස ‘එක්ස්’ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කෙරුණි. ‘එක්ස්’ සමාජ මාධ්‍ය ජලයේ හිමිකරු වන්නේ ද ඉලොන් මස්ක්ය. ඒ, ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුලය් සහ ගගනගාමීන්ගේ ගගන ඇඳුම් කට්ටලට සවි කර ඇති කැමරා ආධාරයෙන් දසුන් ලබා ගනිමිනි.
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ගගන සංචාරකයෝ ආපසු එති