IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


කළු තරුණයෙක් පොලිස් ප්‍රහාරයකින් මරුට

ඇමෙරිකන් පොලිස් නිලධාරීන් පිරිසකගේ පහරදීමට ලක් වී මියගිය 29 හැවිරිදි ටයිලර් නිකලස් නමැති කළු ජාතික තරුණයා ජීවිතක්ෂයට පත්විය.

ටයිලර් නිකලස් ට පහර දීම කළේ ද කළු ජාතික පොලිස් නිලධාරීන් පස් දෙනෙකි.

ඔවුන් ටෙනිසි ජනපදයේ මෙම්පිස් නුවර පොලිස් නිලධාරීන් පිරිසකි. පොලිස් නිලධාරීන්, ටයිලර් නිකලස් අත්අඩංගුවට ගෙන පහර දී ඇත්තේ, ඔහු නොසැලකිල්ලෙන් රිය පැදවූ බවට චෝදනා නගමිනි.

පොලිස් ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ටයිලර් නිකලස් මියගියේ රෝහල්ගත කිරීමෙන් දින 3 කට පසුවය.

ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට ඇමෙරිකාව පුරා නිහඩ විරෝධතා ආරම්භ වී ඇත. ඒ පොලිසිය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පෙන්වා දෙමිනි.
ඇමෙරිකන් ජනාධිපතකි ජෝ බයිඩන් ද ප්‍රහාරය හෙලා දැක තිබේ.

ප්‍රහාරයට සම්බන්ධ පොලිස් නිලධාරීන් පස් දෙනාගේ වැඩ තහනම් කර ඇති අතර, ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනයක් ද පැවැත් වීමට නියමිතය.

මියගිය ටයිලර් නිකලස්, සිවු හැවිරිදි පුතෙකුගේ පියෙකි. ටයිලර් නිකලස් කැලිෆෝනියාවේ සැක්‍රමෙන්ටෝ නුවර ඡායාරූප ශිල්පියෙකි.

(රොයිටර්)



අදහස් (0)

කළු තරුණයෙක් පොලිස් ප්‍රහාරයකින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 347 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2152 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1631 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site