IMG-LOGO

කොවිඩ්-19 න් ආරක්ෂාවීමට සියයට 90ක ඵලදායීත්වයෙන් යුත් එන්නතක්

 

කොරෝනා රෝගය සඳහා 90%ක පමණ ඵලදායීතාවයකින් යුතු එන්නතක් නිපදවීමට ඖෂධ සමාගම් දෙකක් සමත් වී ඇතැයි වාර්තා වේ.

මෙම එන්නත නිපදවූ ෆයිසර් (Pfizer) සහ බයෝඑන්ටෙක් (BioNTech) සමාගම් පවසන්නේ එන්නත මගින් 90%ට වැඩි පිරිසකට කොවිඩ්-19 වලක්වාගත හැකි බව මූලික විශ්ලේෂණයකින් හෙළිවී ඇති බවයි.

"අද විද්‍යාවට හා මනුෂ්‍යත්වයට විශිෂ්ඨ දවසක්, අපගේ කොවිඩ් එන්නතේ තුන්වන අදියරේ අත්හදා බැලීම් මගින් කොරෝනා වැළැක්වීමට එන්නතට ඇති හැකියාව පිළිබඳ මූලික සාක්ෂි සපයයි." යනුවෙන් ෆයිසර් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ඇල්බට් බෝලා පැවසීය.

මෙම එන්නත ලබාගැනීමෙන් දින 28 කට පසු එහි ක්‍රියාකාරීත්වය ඇරඹෙන අතර එය මාත්‍රා දෙකකින් සමන්විත වේ. එක් මාත්‍රාවක් එන්නත් කර සති තුනකින් පසුව අනිත් මාත්‍රාව එන්නත් කරනු ලබයි. දෙවන මාත්‍රාවෙන් දින හතකට පසු කොරෝනා රෝගයෙන් ආරක්ෂාව ලබාගත හැකි බවද ඔවුහු පවසති.

මේ වනවිට එන්නත ලෝකයේ රටවල් 06 ක පුද්ගලයින් 43,538 ක් සඳහා පරීක්ෂා කර තිබේ.
එහිදී කිසිදු ආරක්ෂිත ගැටලුවක් මතු නොවූ බව ඔවුහු පවසති.

නොවැම්බර් මස අවසානය වනවිට එන්නත භාවිතා කිරීම සඳහා අනුමැතිය ඉල්ලීමට සමාගම් සැලසුම් කර තිබේ.

බීබීසී ඇසුරිණි

085



අදහස් (7)

කොවිඩ්-19 න් ආරක්ෂාවීමට සියයට 90ක ඵලදායීත්වයෙන් යුත් එන්නතක්

sharm warn Tuesday, 10 November 2020 03:21 AM

ලොක්කන්ට ගහපු එකද?

:       5       6

Anura Tuesday, 10 November 2020 03:44 AM

මේ එන්නත සෙල්සියස් -70 ක් උෂ්ණත්වයක ගබඩා කරන්න ඕනෙලු... ඒක නිසා මෙය ප්‍රවාහනයේදී සහ භාවිතයේදී ලොකු ගැටළුවක් මතුවෙනවා. එනිසා ඒ ප්‍රශ්නෙට දැන්මම ලෑස්තිවෙලා හිටියොත් හොදයි...

:       5       3

kamalaTuesday, 10 November 2020 05:29 AM

ඔවට ඔන තරම් කර්මාන්ත ඩීප් ෆ්රීසර්ස් තියෙනවා.

:       2       3

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 10 November 2020 03:46 AM

මෙය පවිත්‍රා නෝනා කිව්වේ එන්නත නොවෙයි වගේ පේන්නේ. කොහොම වුණත් මේ වැනි එන්නතක් සෑදීම ගැන සිතට දැනෙන්නේ අප්‍රමාණ සතුටක්. එහෙත් මේ රටේ ජනතාවට මේවා රජයෙන් ගෙන බෙදා හරිනවා නම් තමයි වඩා හොඳ. ඒ බෙදා හැරීමත් නොමිලේ විය යුතුයි. මන්දයත්.. කොරෝනා වලට කෝටිගනන් අපිට පිටරට ආධාර ලැබුණ නිසාය.

:       6       10

වරුණ ලොකුහෙට්ටි Tuesday, 10 November 2020 04:55 AM

ඒ වුණාට ලංකාවට එන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත නේද?

:       3       7

MO77 Tuesday, 10 November 2020 05:42 AM

මෙ එන්නත පළමුව භාවිතා කරන්නේ සංවර්ධිත රටවලයි. 3වැනි ලෝකයේ රටවලට එන්න ගොඩක් කල් යයි.

:       1       7

විපරමා Tuesday, 10 November 2020 08:11 AM

අපේ රටේ ඉන්න දේශපාලකයන්ට නම් අවුලක් වෙන එකක් නැහැ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 92 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site