IMG-LOGO

’කොවිඩ්’ මරණ 65,000 ක්

චීනයේ 'කොවිඩ් 19' ව්‍යාප්තිය දිනෙන් දින දරුණු අතට හැරෙමින් පවතින බවත්, ගතවුණු දින 35 ඇතුළත 'කොවිඩ් 19' මරණ 65,000 ක් වාර්තා වූ බවත් එරට සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙම මරණ වාර්තා වී ඇත්තේ දෙසැම්බර් 8 වැනිදා සිට පසුගිය ජනවාරි 12 වැනිදා තෙක් කාලයේය.

චීන සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ ඉදිරියේ දී 'කොවිඩ් 19' මරණ තව තවත් ඉහළ යනු ඇති බවය. චීනයේ මේ අයුරින් 'කොවිඩ් 19' වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ 'කොවිඩ් 19' සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ සීමා තහංචි ඉවත් කිරීමට රජය පියවර ගැනීමෙන් පසුවය. චීන රජය මෙම තීරණය ගත්තේ ජනතාව ඊට විරෝධය දක්වා විරෝධතා පවත්වමින් රජයට දොස් කියන්න වූ බැවිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ 'කොවිඩ් 19' ව්‍යාප්තිය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවෙයි. චීන සෞඛ්‍ය අංශ තමන්ට නිරන්තරයෙන් 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ සම්බන්ධයෙන් දත්ත ලබා දෙනවා යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.

(රොයිටර්)



අදහස් (0)

’කොවිඩ්’ මරණ 65,000 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 25 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 662 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site