IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


’කොවිඩ්’ නිරෝධායන නීති: යුරෝපයේ විරෝධතා

නව නිරෝධායන නීති ප්‍රතික්ෂේප කරමින් සහ ඊට විරෝධය පළ කරමින් නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව, බෙල්ජියම, ජර්මනිය, ප්‍රංශය, ක්‍රොයේෂියාව, ඉතාලිය ආදී යුරෝපා රටවල ආරම්භ වී ඇති විරෝධතා දිනෙන් දින ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා රටවල් නව නිරෝධායන නීති හඳුන්වා දී ඇත්තේ 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ ඉහළ යෑම සැලකිල්ලට ගනිමිනි. යුරෝපා රටවල වැසියන් මුහුණු ආවරණ පැලඳීම ගැන සැලැකිල්ලක් නොදක්වන අතර, එන්නත් ලබා ගැනීම පවා අදිමදි කරන බව පැවැසෙයි. වසංගත තත්ත්වය උත්සන්න වී ඇත්තේ මේ නිසා යැයි සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි.

නව නිරෝධායන නීති අනුව, අවන්හල්, සමාජ ශාලා ඇතුළු පොදු ස්ථානවලට පිවිසීමට නම්, එන්නත ලබා ගත් බව පෙන්වමින් එන්නත් කාඩ්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙයි.

එසේ නොමැති නම්, පැය 24 ක් ඇතුළත සිදු කළ 'කොවිඩ් 19' පරීක්ෂණයකින් 'නෙගටිව්' වාර්තාවක් පෙන්වීම කළ යුතු වෙයි. රැකියාවට වාර්තා කිරීමේ දී ද 'කොවිඩ් 19' එන්නත් කාඩ්පත අනිවාර්ය කර ඇති අතර, එන්නත් ලබා නොගන්නා සේවක සේවිකාවන් රාජකාරිවලින් නෙරපා දැමීමට ද නීති සකස් කර ඇත.

පසුගිය සතිඅන්තයේ නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සහ හේග් යන නගරවලින් ආරම්භ වුණු විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇත. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය යොදවද්දී, දෙපිරිස අතර දරුණු ගැටුම් හටගන්නා බව ද පැවැසෙයි. පෙරේදා (20) රාත්‍රියේ, පොලිසිය රබර් උණ්ඩ යොදා ගනිමින් විරෝධතාකරුවන්ට වෙඩි තැබූ බව ද වාර්තා විය.

මේ අතර, ඕස්ට්‍රියාවේ විරෝධතා උත්සන්න වී ඇති අතර ඒ සමඟම 'කොවිඩ් 19' ආසාදිතයන් ද ඉහළ යෑමට පටන්ගෙන තිබේ. මේ හේතුව නිසා රට මුළුමනින්ම ලොක්ඩවුන් කිරීමට රජය තීරණය කළේය. ඒ, සෞඛ්‍ය උපදෙස් අනුවය. ඕස්ට්‍රියානුවන් සියලු දෙනාට නිවසේ සිට රාජකාරි කිරීමට ඉඩ දී ඇති අතර නිවසින් බැහැරව යෑමට හැකියාව ඇත්තේ අත්‍යාවශ්‍ය රාජකාරියක් සඳහා පමණි.

යුරෝපා කලාපය බාර ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී වෛද්‍ය හාන්ස් ක්ලූග් බීබීසී පුවත් සේවය සමඟ එක් වෙමින් පෙන්වා දී ඇත්තේ, යුරෝපා කලාපයේ 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ වැඩිවිම දිනෙන් දින ඉහළ යන බවත් ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවත්ය.

එන්නත්කරණ කටයුතු කඩිනම් කිරීම, මුහුණු ආවරණ පැලදීම සහ එන්නත් කාඩ්පත් 'වැක්සින් පාස්පෝට්' ලෙස භාවිතයට ගැනීම අනිවාර්ය බව ද හාන්ස් ක්ලූග් යුරෝපා කලාපීය රාජ්‍ය නායකයන්ට පෙන්වා දී තිබේ. දැඩි නිරෝධායන සීමා ක්‍රියාත්මක නොකළහොත් එළඹෙන වසන්තයට පෙර, යුරෝපා කලාපයෙන්, කොරෝනා මරණ පන්ලක්ෂයක් වාර්තා විය හැකි බව ද හාන්ස් ක්ලූග් අනතුරු අඟවා ඇත.

(රොයිටර්)



අදහස් (1)

’කොවිඩ්’ නිරෝධායන නීති: යුරෝපයේ විරෝධතා

Sayuri dahanayaka yapa Friday, 26 November 2021 05:09 PM

රට සිට මෙරටට පැමිණෙන අයට පවතින නව නිරෝධායන නීතිය කුමක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 632 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site