IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


‘කොවිඞ්’ වසංගතය පරාජය කළා - චීනය

‘කොවිඞ් 19’ වසංගතය පාලනය කර ගැනීමට, තම සෞඛ්‍ය අංශ සමත් වූ බව චීන කොමියුනිස්ට් පක්ෂ රජය පවසයි.

‘කොවිඞ් 19’ වයිරසය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වීම, විශිෂ්ට ජයග්‍රහණයක් යැයි චීන කොමියුනිස්ට් පක්ෂ නායකයන් පවසා තිබේ.

‘චීන දේශපාලන මණ්ඩල ස්ථාවර කමිටුව’ පසුගිය දා රැස්වුණු අවස්ථාවේදී, ‘කොවිඞ් 19’ වයිරසය පාලනය කර ගැනීමට හැකිවීම සම්බන්ධයෙන්, සෞඛ්‍ය අංශ ප්‍රශංසාවට ලක් විය.

‘කොවිඞ් 19’ වයිරසයේ ආරම්භය සිදුවූයේ 2019 දෙසැම්බරයේය. පළමු ආසාදිතයන් වාර්තා වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. වයිරසය ලොව පුරා ව්‍යාප්ත වූයේ 2020 දීය.

2021 වසර වෙද්දී, මුළු ලොවටම තර්ජනයක් වූ වයිරස වසංගතය ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් පාලනය කර ගැනීමට හැකිවිය.

චීනය, ආරම්භයේ පටන් ‘කොවිඞ් 19’ සම්බන්ධයෙන් ඉතා දළදඬු සෞඛ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. චීන රජය එරට වැසියන්ට ලබා දුන්නේ චීනයේ නිෂ්පාදිත ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත්ය. ඒවා ඇමෙරිකාවේ නිෂ්පාදිත ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත් තරම් සාර්ථක වූයේ නැත. බටහිර එන්නත් චීන වැසියන්ට ලබා දීමක් සිදු නොවිණි.

පසුගිය 2022 වසරේ දළදඬු සෞඛ්‍ය නීති සම්බන්ධයෙන් ජනතා විරෝධයක් හටගත්තේය. චීන කොමියුනිස්ට් පක්ෂ රජයට එරෙහි රට පුරා විරෝධතා පැවැත්විණි.

අවසානයේ සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමට රජයට සිදුවිය. ඒ සමඟ චීනය දරුණු ලෙස ‘කොවිඞ් 19’ වසංගතයෙන් බැට කන්න විය. රෝහල් රෝගීන්ගෙන් පිරී යන්නත්, ආදාහනාගාර මළසිරුරුවලින් පිරී යන්නත් පටන් ගත්තේය.

කෙසේ නමුත් චීන මාධ්‍ය වාර්තා කරන ආකාරයට ලොව සෙසු රටවල මෙන් චීනයේ ද ‘කොවිඞ් 19’ වසංගතය පාලනය වී තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

‘කොවිඞ්’ වසංගතය පරාජය කළා - චීනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2128 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site