
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ පලස්තීනුවන් මියයෑමට එරෙහිව විරෝධතා පැවැත්වෙන නිව්යෝක් කොලොම්බියා විශ්ව විද්‍යාලයට ඊයේ (30) පොලිසිය කඩා වැදුණි.
ඊශ්‍රායලය ගාසා තීරයට ඉවක් බවක් නැතිව පහර දෙමින්, ගාසා පලස්තීන වැසියන් අමු අමුවේ ඝාතනය කිරීමට ඉඩ දෙනවා යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට බල කරමින්, කොලොම්බියා විශ්ව විද්‍යාල භූමියේ විරෝධතා පැවැත්වෙන්නේ පසුගිය දින කිහිපය පුරාවටය. විරෝධතා පළ කරන සිසු සිසුවියන්, විශ්ව විද්‍යාලයේ කටයුතුවලට බාධා කරමින්, විශ්ව විද්‍යාල භූමියේ කඳවුරු බැඳ ගෙන සිටිති.
විශ්ව විද්‍යාල භූමියට ඇතුළු වුණු නිව්යෝක් කැරැලි මර්දන පොලිසිය විරෝධතාකරුවන් විසුරුවා හරින්න පටන් ගත්තේය. එම අවස්ථාවේදී පොලිසිය සමඟ ගැටුණු සිසු සිසුවියන් බොහෝ දෙනකු අත්අඩංගුවට ගැනුණි.
ඊශ්‍රායලය දිග්නි දිගටම ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගෙන් ඊශ්‍රායලයට ලැබෙන සහාය නිසා යැයි විරෝධතාවට එක් වුණු විශ්ව විද්‍යාල සිසුන්ගේ අදහස වී තිබේ.
නිව්යෝක් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පමණක් නොව, මේ වනවිට, ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව සිදුවන කෙණෙහිලිකම් මුල්කොට ගනිමින්, ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලවත් මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල විශ්ව විද්‍යාලවලත් සිසු සිසුවියෝ විරෝධතා පවත්වති.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොලොම්බියා විශ්ව විද්‍යාලයට පොලිසිය කඩාවදී