
සින්ට් මාර්ටෙන් නමැති කැරිබියානු දූපත් බලධාරීන්, එම දූපතේ ජීවත් වන ‘වර්වෙට්’ නමැති වඳුරන් සියලු දෙනා මරා දැමීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඊට හේතුව. මෙම ‘වර්වෙට්’ වඳුරන් දූපත් වැසියන්ට හිසරදයක් වීම සහ වගා හානි සිදු කිරීමය. සින්ට් මාර්ටෙන් රජය. වඳුරන් මරා දැමීම සිදු කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන කීපයක ද සහාය ඇතිවය.
මරා දැමීමට පෙර, වඳුරන් 450 ක් අල්ලා උන් වෙනත් දූපතකට රැගෙන යෑමට ද නියමිතය. වඳුරන් 450 දෙනා අල්ලා ගැනීම වසර 3 ක කාලයක් තිස්සේ සිදුවනු ඇතැයි ද පැවැසෙයි.
‘වර්වෙට්’ කැරිබයානු දූපත්වලට ආවේණික සත්ව විශේෂයක් නොවෙයි. වඳුරන් කැරිබියානු දූපත්වලට පැමිණීම සිදුවූයේ 17 වැනි සියවසේ පැමිණි සංචාරකයන්ගෙනි. ඒ, දකුණු සහ නැගෙනහිර අප්‍රිකාවෙනි.
(එන්.ඩී.ටීවී)
2025 නොවැම්බර් මස 04
357
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2157
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1636
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැරිබියානු දූපතේ සියලුම වඳුරන් මරා දැමෙනවා
ganegoda Friday, 20 January 2023 02:13 PM
හුඟක් රටවල්වල වගාවන්ට හානි කරන සත්තු මරාගෙන ආහාරයට ගන්නවා. කාළගුණ විපර්යාන සිනා ඵලදාව අඩුවීමත් මීට හේතුවක්.
sampath Friday, 20 January 2023 11:15 PM
වගාවත්, සතුනුත් රැකගැනීමයි සංවර්ධනය කියන්නේ... එකපාරක් කපුටන් මරලා කසල ප්‍රශ්නයක් ආවා ... ඕක කාගෙහරි තකතීරු අදහසක් සතාසිව්පාවට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා.
CHANDIMA Saturday, 21 January 2023 12:35 AM
කැරිබියානු දූපත්වල පදිංචිවෙලා ඉන්න මිනිස්සුත් වෙන රටවල්වලින් ආපු නිසා ඒ අයවත් මරා දමන්නේ නැතිද? දැන් ඔය ඇමෙරිකාවේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ එහෙම ඉන්න සුද්දොත් වෙන රටවලින් ආපු අය නේද?
sam Sunday, 22 January 2023 12:48 AM
Very sad..