IMG-LOGO

කොරෝනා අවදානම ද නොතකා මියන්මාර වැසියෝ ඡන්දය ප්‍රකාශ කරති

මියන්මාරයේ මහ මැතිවරණය අද (08) පැවැත්වුණු අතර කොවිඩි අවදානම ද නොතකා මිලියන ගණනක් ජනතාව ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
 
2011 වසරේ හමුදා පාලනය අවසන් වූ පසු මියන්මාරයේ මහමැතිවරණයක් පැවැත්වූ දෙවන අවස්ථාව මෙයයි.
 
අවුන්සාන් සූ කී මහත්මිය සිය ජනප්‍රියත්වය තවමත් තබාගෙන ඇති අතර ඇය ජයග්‍රහනය කරනු ඇතැයි විචාරකයෝ පවසති.
 
එහෙත් රෝහින්ග්‍යා අර්බුදයේදී ඇය දැක්වූ ප්‍රතිචාර හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් සූ කී මහත්මියගේ ජනප්‍රියත්වය පහත වැටී ඇතැයි ද පැවසේ.
 
කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා වැඩිහිටියන් සඳහා පසුගිය සතියේ දිනයක ඡන්දය පැවැත්වුණු අතර 75 හැවිරිදි සූ කී මහත්මිය ද එම අවස්ථාවේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය.
 
සූ කී මහත්මිය නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ හමුදා පිටුබලය සහිත එක්සත් සහයෝගීතා හා සංවර්ධන පක්ෂයයි.
 
එක්සත් සහයෝගීතා සහ සංවර්ධන පක්ෂය ඇතුළු තවත් පක්ෂ 23ක් ඡන්දය කල් දමන ලෙස ඉල්ලා සිටියහ.
 
එහෙත් සූ කී මහත්මිය පැවසුවේ කොරෝනාවට වඩා ඡන්දය වැදගත් බවයි.
 
රෝහින්ග්‍යා වැසියන්ගේ සුළුතර නියෝජනය පවතින රඛයින්, ෂාන් සහ කචින් ඇතුළු ගැටුම් වලින් පීඩාවට පත්වුණු ප්‍රාන්තවල ඡන්දය අවලංගු කරන ලදී.
 
ඒ අනුව සියලුම රෝහින්ග්‍ වැසියන්යගේ ඡන්ද බලය අහෝසි විය.
 
මේ හේතුවෙන් නිරීක්ෂකයන් මැතිවරණයේ විශ්වසනීයත්වය සම්බන්දව ප්‍රශ්න කළ බව මාධ්‍ය වාර්තා කර තිබේ.
 
2017 වසරේ හමුදා මර්ධනයෙන් පසු 740,000කට වැඩි පිරිසක් අසල්වැසි බංගලාදේශයට පලාගොස් ඇති නමුත් තවත් ලක්ෂ ගනනක රෝහින්ග්‍යා වැසියන් පිරිසක් බටහිර රඛයින් ප්‍රාන්තයේ වෙසෙති.
 
බීබීසී ඇසුරිණි

085



අදහස් (0)

කොරෝනා අවදානම ද නොතකා මියන්මාර වැසියෝ ඡන්දය ප්‍රකාශ කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 92 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site