පාකිස්තානයේ කරච්චි නුවර අසීසාබාද් ප‍්‍රදේශයේ මුටාඩියා අල් කුවාමී පක්ෂ කාර්යාලය අසල පෙරේදා (4) අධිබලැති බෝම්බ දෙකක් පුපුරා යෑමෙන් කුඩා දරුවන් දෙදෙනකු ද ඇතුළුව 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණණ 66 කි.
පළමු බෝම්බය පිපිරී තත්ත්පර කිහිපයක් යද්දී දෙවැනි බෝම්බය පුපුරා ඇත. පොලිසිය පවසන්නේ එය කාල බෝම්බ කියාය.
ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. එය තරීක් ඊ තලේබාන් සටන්කාමීන්ගේ ප‍්‍රහාරයක් යැයි අනුමාන කරේ.
ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට මුටාඩියා අල් කුවාමී පක්ෂය ද ඉදිරිපත් වෙයි.
එම පක්ෂය සහ තවත් පක්ෂ දෙකක් ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරුවන බවට තලේබාන්වරුන් අනතුරු අඟවා ඇත.
තලේබාන් සටන්කාමීන්ගේ ඉලක්කය වී ඇති අනෙක් පක්ෂ දෙක වන්නේ අවාමි ජාතික පක්ෂය සහ පාකිස්තාන ජනතා පක්ෂයයි. පෙරේදා සිදුවුණු බෝම්බ පිපිරුමෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිප දෙනෙකු ද මියගොස් ඇතැයි පාකිස්තාන පුවත් සේවා පවසයි.
මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ඇරැඹීමෙන් පසු ඉකුත් අපේ‍්‍රල් 11 වැනිදා සිට මේ දක්වා බලූකිස්තාන ප‍්‍රාන්තයෙත් සෙසු ප‍්‍රාන්ත සහ ප‍්‍රධාන නගරවලත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැසක් වාර්තා විය. ඉකුත් 27 වැනිදා ද කරච්චි නුවර ද බෝම්බ පිපිරීමක් සිදුවිය. එම බෝම්බ ප‍්‍රහාරය එල්ල වූයේ මැතිවරණ රැුලියක් ඉලක්ක කර ගනිමිනි. එයින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණන 30 කි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කරච්චි නුවර බෝම්බ පිපිරී 20 ක් මරුට: 66 කට තුවාල