IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කම්මුල් පහරක් දී තොණ්ඩුව ගලවයි

තම පුතුගේ මිනීමරුවා එල්ලා මැරීමට ඔන්න මෙන්න තිබියදී ඔහුට සමාව දී ජීවිත දානය දීමට ඉරාන මවක කටයුතු කළාය.

18 හැවිරිදි අබ්දුල්ලා හොසෙන්සෙඩායිහ් පිහියකින් ඇන මරා දැමුවේයැයි මිනීමරුවා වූ බාලාල් හට චෝදනා නැඟී තිබුණි.

වධකයින් ඔහුගේ මුහුණ වසා,තොණ්ඩුව ගෙලට දමා,ඔහු සිටගෙන සිටි පුටුව ඉවත් කරන්නට සැරසෙද්දී ඇය වහා දුවවිත් මිනීමරුවාට කම්මුල් පහරක් එල්ල කර ඔහුගේ ගෙල පැටලී තිබූ තොණ්ඩුවද ඉවත් කළාය.

තම පුතු බාලාල් මරණයට පත්වන අයුරු දැකීමට ඔහුගේ මවද පැමිණ සිටි අතර ඇය සතුටු කදුළු වගුරුවමින් ඔහුට ජීවිත දානය දුන් අබ්දුල්ලාගේ මව වැළද ගත්තාය.

තම පුතු අබ්දුල්ලා හොඳ තැනක සිටිනු තමන් සිහිනෙන් දුටුවේයැයිද පළිගැනීමට උත්සාහ නොකරන ලෙස ඔහු තමන්ට පැවසුවේයැයිද ඔහුගේ් මව පසුව කීවාය.

අබ්දුල්ලාගේ පියාද අදහස් පළ කරමින් කියා සිටියේ බාලාල්,අබ්දුල්ලා මරණයට පත්කිරීමේ අරමුණින්ම ඔහුට පිහිපහර එල්ල කරන්නට ඇතැයි තමන් නොසිතන බවයි.දෙදෙනා අතර ගැටුමක් ඇතිවී ඇතැයිද පාපහර එල්ල කරමින් බාලාල්ට මුලින්ම පහර දී ඇත්තේ තම පුතු අබ්දුල්ලා යැයිද ඔහු පැවසීය.

ඉරානයේ ෂරීයා නීතියට අනුව මිනීමරුවෙකුට පැමිණවෙන උපරිම දඩුවම වනුයේ මරණ දණ්ඩනයයි.මිනීමරුවා මරණයට පත්කරන අයුරු ළග සිටම නැරඹිීමට මියගිය තැනැත්තාගේ පවුලේ උදවියට අවසර තිඛෙන අතර එල්ලා මැරීමකදී නම් මිනීමරුවා පාද තබාගෙන සිටින පුටුවට පහරක් ගසා එය පෙරළා දැමිීමට අවස්ථාව ලබා දී තිඛෙන්නේත් ඔවුන්ටය.

බාලාල් මරණයෙන් ගලවා ගැනීමට අබ්දුල්ලාගේ දෙමව්පියන් කටයුතු කළත් ඔහු බරපතල ගණයේ වරදක් කර ඇති හෙයින් බොහෝවිට ඔහුට සිරදඩුවමක් පැමිණවෙනු ඇතැයි සදහන්ය.



අදහස් (0)

කම්මුල් පහරක් දී තොණ්ඩුව ගලවයි

සේරම් Monday, 21 April 2014 05:34 PM

ඇයි අපේ ගායකුව මරන්න උත්සහ කරපු අයට සමව ලැබුනේ .(අ)

:       0       0

රජින්ද Monday, 21 April 2014 06:05 PM

දෙතනින් කිරිදුන් මැයද අම්මා කෙනෙකි..... (නි)

:       0       0

උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Monday, 21 April 2014 09:55 PM

ඒ අතින් අපේ ලංකාව කොපමණ උතුම්ද ? මරණිය දඬුවම් ලැබු කිසි කෙනෙක් එම දඬුවම ලබන්නේ නැහැ . නමුත් දිනපතා අහිංසකයින් මහා පාරේ සහ වතුර වලවල් වලින් මිනිය මතු වනවා (අ)

:       0       0

ඉන්දික Tuesday, 22 April 2014 01:09 PM

අම්මෝ උත්තරා දන්නා දේවල් ! (නදී)

:       0       0

සමන් Tuesday, 22 April 2014 11:28 PM

උත්තරා සුද්දන්ට,ඩොලර් වලට යටවෙලා ලංකාව පහත් කරලා කතා කරන්න එපා . මහා පාරේ සහ වතුර වලවල් වලින් මිනිමතු වෙන්නේ ටොරෙන්ටෝ වල වෙන්න ඇති. (නදී)

:       0       0

ලංකාතිලක Monday, 21 April 2014 03:12 PM

මේකෙන් ආපිට ඉගෙන ගන්නට බොහෝ දේවල් තියෙනවා .මෙම කාන්තාවගේ උතුම් ගතිය (දිල්)

:       0       0

ජයවර්ධන Monday, 21 April 2014 04:38 PM

ඒක නම් ඇත්ත තමයි ලංකාතිලක මහත්මයා. උතුම් ගති ගුණ අපි අගයන්න ඕන. එහෙම නේද මිත්‍රවරුනි.(අ)

:       0       0

නිලන්ති Monday, 21 April 2014 04:44 PM

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද.දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site