
කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් නිල වශයෙන්, සිය වැඩිමල් පුතු සොන් හුන් මනෙට් ට අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමුවේය.
කාම්බෝජ මහ මැතිවරණය මීට දින කීපයකට පෙර පැවැත්විණි. එයින් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට අග්‍රාමාත්‍ය හුන් සෙන් සමත් විය. 70 හැවිරිදි හුන් සෙන්, කාම්බෝජයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ වසර 38 ක් තිස්සේය.
මැතිවරණ ජයෙන් පසු හුන් සෙන් කියා සිටියේ තමන් ධුරයේ රැදී සිටින්නේ සති 3 ක කාලයකට පමණක් බවය. තමන් ජයග්‍රහණය කළොත් පුතාට බලය පැවැරීමක් කරන බව හුන් සෙන් මැතිවරණ රැලිවලදී ද පවසා තිබුණි.
හුන් සෙන් සහ සොන් හුන් මනෙට් නියෝජනය කරන කාම්බෝජ ජනතා පක්ෂයයි.
45 හැවිරිදි සොන් හුන් මනෙට් පියාගේ මඟ පෙන්වීම යටතේ පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වුණු අතර ඔහුට පළමු වරට පාර්ලිමේන්තු අසුනක් දිනා ගැනීමට ද හැකිවිය.
තමන් පුතුට බලය පවරන බව හුන් සෙන්, කාම්බෝජයේ නොරෝඩොම් රජුට ද දැනුම් දී ඇති අතර, රජුගේ අනුමැතිය ද ඊට හිමි වී තිබුණි. කාම්බෝජය අග්නිදිග ආසියානු රාජ්‍යයකි. ජනගහනය මිලියන 16.59 කි. නොම්පෙන් කාම්බෝජයේ අගනුවරය.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාම්බෝජ අගමැති පුතාට බලය පවරයි