IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


කෙන්යා ජනපතිවරණයේ අවසන් ප‍්‍රතිඵල ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී

කෙන්යා ජනාධිපති වරණයෙන් ජයගත් උහුරු කෙන්යාටාගේ ජයග‍්‍රහණය අභියෝගයට ලක් කරමින් නැවත ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බව පවසමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කළ අගවිනිසුරු විලි මුටුන්ගා ඊයේ(31) කියා සිටියේ කෙන්යාටාගේ ජයග‍්‍රහණය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගන්නා බවයි. 

නව ජනපති උහුරු කෙන්යාටා

ඉකුත් මාර්තු 4 වැනිදා පැවැති කෙන්යානු ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැති බවත් එහි අවසන් ප‍්‍රතිඵල විනිවිදභාවයෙන් යුක්ත නිසා කෙන්යාටාගේ ජයග‍්‍රහණය තහවුරු වන බවත් අගවිනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව කෙන්යාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ කෙන්යාටා ලබන අපේ‍්‍රල් 9 වැනිදා සිය ධූරයේ දිවුරුම්දීමට නියමිතය. 
අධිකරණ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමත් සමඟ කෙන්යාවේ නගර කිහිපයක හටගත් ගැටුම්වලින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. කෙන්යාටාගේ ජයග‍්‍රහණයත් සමඟ විපක්ෂ කි‍්‍රයාකාරීන් හා පොලිසිය අතර ඇති වූ ගැටුම් මෙම නොසන්සුන් තත්ත්වයට හේතු වූ බව විදෙස් පුවත්සේවා පවසයි. 
අවසන් ඡුන්ද ප‍්‍රතිඵලවලට අනුව ජනාධිපතිවරණයෙන් ජය ගත්තේ උහුරු කෙන්යාටා ය. ඔහුගේ ප‍්‍රතිවාදියා ලෙස ජනපති ධූරයට තරග කළේ කෙන්යාවේ හිටපු අගමැති රයිලා ඔඩින්ගාය. 
 ජනාධිපතිවරණයේදී නොයෙක් අක‍්‍රමිකතා සිදු වූ බව පවසමින් එම ප‍්‍රතිඵල අභියෝගයට ලක් කරමින් රයිලා ඔඞ්න්ගා ඇතුළු සිවිල් සමාජ කණ්ඩායම් කිහිපයක් එකතුවී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේ නැවත ජනාධිපතිවරණ ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බව අවධාරණය කරමිනි.
හිටපු අගමැති ඔඩින්ගා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෙම පෙත්සම හය දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී. 
ජනාධිපතිවරණ අවසන් ප‍්‍රතිඵලවලට අනුව කෙන්යාටා සියයට 50.7ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ඉදිරියට පැමිණියේය. දෙවනවර ඡුන්ද විමසීමක් පැවැත්වීමට නම් අපේක්ෂකයන් දෙදෙනාම සියයට 50ට අඩු ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගත යුතුව තිබුණි.

 

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට විරෝධතාවල නිරත ඔඩින්ගා පාක්ෂිකයෝ

 



අදහස් (0)

කෙන්යා ජනපතිවරණයේ අවසන් ප‍්‍රතිඵල ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී

වරුණ Monday, 01 April 2013 01:36 PM

මම හිතුවේ මෙහෙ විතරයි කියලා. බැළුවම එහෙත් එහෙමයි.(නදී)

:       0       0

පෙරේරා Monday, 01 April 2013 06:22 PM

පිලි නොගත්තානම් තව දෝෂාභියෝගයක් එන්ඩ තිබුනා නේද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 569 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17381 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site