IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


කාන්තා හිංසනය පිටුදැකීමේ ප‍්‍රකාශනයට මුස්ලිම් රටවල සහාය

බටහිිර හා මුස්ලිම් රාජ්‍යයන් අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබුණු කාන්තා හිංසනය පිටුදැකමේ එක්සත් ජාතීන්ගේ ප‍්‍රකාශනයට මුස්ලිම් රාජ්‍ය ගණනාවක් ඉකුත් 16 වැනිදා සිය එකඟතාව පළ කළේය.
කිසිදු චාරිත‍්‍රයක් සම්ප‍්‍රදායක් හෝ ආගමික කරුණක් පදනම් කරගෙන කාන්තාවන් හිංසනයට ලක් නොවිය යුතු බව කියැවෙන මෙම ප‍්‍රකාශනයට ඉරානය, ලිබියාව, සුඩානය ඇතුළු මුස්ලිම් රටවල් බොහොමයක් සිය එකඟතාව පළ කර ඇත.
මෙම ප‍්‍රකාශනයට මුස්ලිම් රටවල් එකඟවීම ඓතිහාසික ජයග‍්‍රහණයක් බව එක්සත් ජාතීන්ගේ කාන්තා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ මිචෙල් බචිලෙට් පැවැසුවාය.
කාන්තාවන්ට හිංසාවන් සිදුවීමට අවස්ථාව සලසා ඇති නීති හා සම්ප‍්‍රදායයන් මුලිනුපුටා දැමීමට සෑම රටක්ම කැපවී කි‍්‍රයා කළ යුතු බව එම ප‍්‍රකාශනයේ දැක්වේ.
මෙම සමුළුවාරයේදී තලේබාන් සටන්කාමියකුගේ වෙඩි පහරට ලක්වූ පාකිස්තානයේ මලාලා දැරිය කාන්තා අධ්‍යාපනය නංවාලීම සඳහා සිදු කළ  සමාජ මෙහෙවර පිළිබඳවත් ඉන්දියාවේ හා අපි‍්‍රකානු රටවල සිදුවන ස්තී‍්‍ර දුෂණ පිළිබඳවත් වැඩි අවධානයක් යොමු විය.
එක්සත් ජාතීන්ගේ කාන්තා හිංසනය පිටුදැකීමේ ප‍්‍රකාශනය සම්මත කර ගැනීමට 2003 වසරේදී ගත් උත්සාහය අසාර්ථක විය.



අදහස් (0)

කාන්තා හිංසනය පිටුදැකීමේ ප‍්‍රකාශනයට මුස්ලිම් රටවල සහාය

රමණි Thursday, 21 March 2013 08:44 AM

කාන්තාවන්ට සමතැන ලැබෙන්න ඕනේ (දී)

:       0       0

ශිලා Thursday, 21 March 2013 08:46 AM

ඉතා හොද වැඩක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 272 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 758 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site