IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


කැනඩා රජය එරට ආදිවාසී ජනතාවට කෙණෙහිලිකම් කරනවා

කැනඩා රජය එරට ආදිවාසී ජනතාවට සලකන ආකාරය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කනස්සල්ලට පත්වී සිටින බවත්, ඒ සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් එක්සත් ජාතීන්ගේ ආදිවාසී ජනතා අයිතීන් සුරැකීම වෙනුවෙන් පිහිටුවා ඇති සංවිධානයේ, නියෝජිත ජේම්ස් අන්යා කියා සිටී.

ජේම්ස් අන්යා මේ බව කියා සිටියේ ඉකුත් දා කැනඩාවේ සංචාරයක යෙදීමෙන් පසුවය.

කැනඩාවේ ආදිවාසීන් ලෙස සැලකෙන්නේ යුරෝපීයයන් උතුරු ඇමෙරිකාවට පැමිණෙද්දී, එහි ජීවත් වූ රතු ඉන්දියානු ජනතාවය.
එදා සිට අද දක්වා එම රතු ඉන්දියානු ගෝති‍්‍රක ජනතාවගේ පරම්පරා ගණනාවක් කැනඩා රජයේත් එරට ඇතැම් සුදු ජාතියන්ගේත් ‘කෙණෙහිලිකම්’වලට ලක් වී සිටින බවත්, එම තත්ත්වය මඟහැරීමට කිසිදු කැනේඩියානු රජයක් මේ වන තෙක් අවශ්‍ය පියවර ගෙන නොමැති බවත් ජේම්ස් අන්යා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා ඇත.

කැනේඩියානු ආදිවාසීන් සහ රජය අතර අර්බුද නිර්මාණය වී ඇත්තේ, ස්වාභාවික සම්පත් බෙදා ගැනීම සහ ඉඩම් අයතීන් සම්බන්ධයෙනි.

පසුගියදා කැනඩා රජය, ආදිවාසී ජනතාවගේ විරෝධයට කන් නොදී එරට නිව් බෲම්ස්වික් ප‍්‍රාන්තයේ ස්වභාවික වායු නිධි කැණීම් වැඩසටහනක් ආරම්භ කළේය.

එම අවස්ථාවේදී කැනඩාවේ ආදිවාසී ජනතාව වෙනුවෙන් පෙනී සිටින ‘එල්සිපොග්ටොප් ෆර්ස්ට් නේෂන්’ සංවිධානය, ඊට එරෙහිව දැවැන්ත විරෝධතා රැුලියක් පැවැත්වීය.  

විරෝධතාකරුවන් මර්දනය කිරීමට කැනඩා රජය එරට පොලිසිය යෙදවීය. එහිදී දෙපිරිස අතර ගැටුම් හටගත් අතර, 40 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක් ද ගැටුම්වලින් තුවාල ලැබූහ.

 ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලත්තය මෙන් කැනඩාව ද පොදු රාජ්‍ය මණ්ඩලයට අයත්, බි‍්‍රතාන්‍ය කිරීටය පිළිගන්නා රාජ්‍යයකි. ඒ අනුව රටේ රාජ්‍ය නායිකාව බි‍්‍රතාන්‍ය මහ රැජිනය.

මීට වසර කීපයකට පෙර,  ඕස්ටේ‍්‍රලියාව ද එරට ආදිවාසී ජනතාව වන ඇබරජින්වරුන් සම්බන්ධයෙන් මෙවැනි අර්බුදයකට මුහුණ දුන්නේය. එම අවස්ථාවේදී ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය කනස්සල්ල පළ කළේය. අවසානයේ දී, ජුලියා ගිලාඞ් අගමැති ධුරයේ සිටිද්දී  ඕස්ටේ‍්‍රලියා රජය, ‘ඇබරජින්’වරුන්ගෙන් සමාව ඉල්ලා සිටි අතර, ඇබරජින්වරුන්ගේ අයිතීන් සුරැකීමට කි‍්‍රයා කරන බවට පොරොන්දුවක් ද දුන්නේය.
 



අදහස් (0)

කැනඩා රජය එරට ආදිවාසී ජනතාවට කෙණෙහිලිකම් කරනවා

ගජ මෑන් Friday, 25 October 2013 12:18 PM

කැනඩාව කෙනහිලිකම් නොකරන්නේ කාටද? ලෝකෙන් කොන් වෙන මෝඩයින්ගේ රටක්. (ස)

:       0       0

ලාල් කැන්ඩි Sunday, 27 October 2013 12:09 PM

එතකොට ඒඅයගේ වැරදි ගැන කතා කරන්නේ කවුද (දිල්)

:       0       0

ලුම්බිණි Saturday, 26 October 2013 09:01 AM

බොහෝ රටවල් තම රටවල්වල සිටින සුළු ජාතීන්ට සලකන ආකාරය ගැන කණගාටු විය යුතුයි. (නදී)

:       0       0

සෙනරත් Friday, 25 October 2013 01:35 PM

එංගලන්තයේ ප්‍රවෘර්ති වාර්තා කාරයින්ට මොනවා හරි කුණු රොඩු ටිකක් ජන මාධ්‍ය වලට ලියල පෙන්වල බඩ ගොස්තරේ හොයා ගන්ට ඕන වෙන කොට අල්ලාගන්නේ ලංකාව වැනි කුඩා රටවල් පමණයි. කැනඩාව වැනි රටවල ඉන්නේ එකම හමේ පාට තියෙන නෑදෑයෝ නිසා වැරදි කලත් නොපෙනෙනවා ඇති. .(නදී)

:       0       0

අමිල කටුනායක Friday, 25 October 2013 07:24 PM

ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ... (නි)

:       0       0

කුමාරන Friday, 25 October 2013 08:14 PM

ඔය සිද්ධිය පිළිබඳව පුළුවන් තරම් සාක්ෂි සහ වාර්තා සොයා ගත යුතුමයි.අපට ගහන හැම මොහොතකම අපිත් ඔය වෙස්මුහුණුකාරයන්ට සාක්ෂි සහිතව උත්තර දේනන ඕනෑ. (නි)

:       0       0

ජයන්පති Friday, 25 October 2013 10:48 PM

කෑනඩාව ලංකාවෙ මානවහිමිකම් ගෑන හරිම උනන්දුයි. නිතරම ශ්‍රිලංකාවට දෝශාරෝපනය කරනවා මනවහිමිකම් කඩනව කියල.නමුත් මෙන්න අනුන්ගෙ වෑරදි හොයන අයගෙ කෙරුවාව. මේකට තමයි කියන්නෙ " ලෝකෙට පරකාසෙ ,ගෙදරට මරගාතෙ කියල. (අ)

:       0       0

යු. එස්. ඒ Friday, 25 October 2013 03:12 PM

බොරු කියන්න එපා . එහෙනම් කෝ පිල්ලේ නෝනා අපට කියනවනේ . එහෙම දෙයක් වෙලා කියල . අගමැති හාපර් එහෙම කරනවද , ? අපි එහෙම කරාට ,? (දිල්)

:       0       0

යු. එස්. ඒ Saturday, 26 October 2013 01:02 PM

ඇමරිකාවේ මුල් පදිංචි කාරයන් වන රතු ඉන්දියානුවන් අද එහි සුළු ජාතිකයන් . පමණක් නොව ඔවුන්ටද බොහෝ විට සුදු ජාතිකයන් ලබන වරප්‍රසාද නොමැතිය . ඔවුන්ගේ ජිවන රටාව වෙනස් කර . ඔවුන්ගේ ඉඩ කඩම් බලෙන් අයිති කරගෙන සුදු ජාතිකයන් . එහෙත් මානව හිමිකම් මෙහි නොමැත . වෙනත් රටක සිටින මානව හිමිකම් කාර්යන් වත් මෙය ගෙන කතා කරන්නේ නැත . කපුවා දේවාලයේ ගඳ පහරුවට කවුරුත් කිසිවක් කියනේ නැහැ (නදී)

:       0       0

දේවි Saturday, 26 October 2013 12:11 AM

ලංකාවට විත් මානව හිමිකම් කතාකරන්න කීදෙනෙක් බලාගෙන ඉන්නවද දන්නේ නැහැ.කොහොම වුණත් අපේ අයත් හිමිකම් කඩලා තිබෙන අයගේ පැටිකිරිය කලින්ම හොයාගෙන තිබෙන එක වඩාත්ම හොඳයි. (නි)

:       0       0

ලලිත් Saturday, 26 October 2013 12:59 AM

හා හා සද්ද කරන්න එපා. ඕවා සුලු දේවල්නේ.පොදු රාජ්‍ය මණ්ඩලේ රැස්වීමට අපි එන්නම්. ප්‍රශ්නය ඉවරයිනේ. (නි)

:       0       0

දුම්මලසූරිය Friday, 25 October 2013 03:52 PM

ඔන්න කරනවා නම් හොයල බලන්න පිල්ලේ නෝනට වැඩක්. කැනඩාවටත් රිදිලා තියෙන්නේ කොටි ත්‍රස්තයන්ට ගහපු එකටනේ. බලාගන ගියාම කැනඩාව ඇතුලෙම මුල්පදිංචි කරුවන්ට වෙන අසාධාරණය කාගේ වරදක්ද? කෝ මේ මානව හිමිකම් සුරකින සංවිධානමර නින්දේද?.(නදී)

:       0       0

ඉන්දික Friday, 25 October 2013 09:55 AM

මේ කැනඩාවද අපිට මානව හිමිකම් ගැන ප්‍රශ්න කරන්නේ? මේකෙන්ම පේනවා ඒගොල්ලන්ට ඇත්තටම තියෙන ප්‍රශ්නය මොකද්ද කියලා.. (නදී)

:       0       0

චන්දිම Friday, 25 October 2013 10:39 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන් ජාමෙට කිව්වලු. මේගොල්ලෝ තමා අපිට මානව හිමිකම් උගන්නන්නේ! (ස)

:       0       0

දර්ශන් Saturday, 26 October 2013 04:26 PM

කොහෙත් එහෙම තමයි අමිල. අපේ රටෙත් අඩුම වරප්‍රසාද ලබන්නේ ආදීවාසීන්. (නි)

:       0       0

චමත් [ලංකාව] Friday, 25 October 2013 04:55 PM

ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන්ගෙන් [අබෝරජින්වරුන්] සමාව ඉල්ලා සිටියේ ජුලියා ගිලාඩ් අගමැතිනිය නොවෙයි . කෙවින් රඩ් අගමැති තුමා ලෙස එය නිවැරදි විය යුතුයි..(නදී)

:       0       0

නීල් Friday, 25 October 2013 11:09 AM

අනේ! අනේ !! මුන් ඔක්කොටම අනුන්ගේ පොල් කෙන්ද පේනවා. ඒත් ලඟම තියන පොල් පරලේ පේන්නේ නැහැනේ. (ස)

:       0       0

ඉන්දු - මෙල්බන් Friday, 25 October 2013 11:50 AM

අනේ කැනඩාවට මොනවත් කියන්න එපා. එයාල එයාලගේ ආදිවාසීන්ට කෙනෙහිලිකම් කලාට අනෙක් රටවල ත්‍රස්තවාදීන්ව ආරක්ෂා කරනවනේ... (ස)

:       0       0

රත්නායක ආරච්චිගේ Sunday, 27 October 2013 11:53 AM

තමන්ගේ ඇගේ පොල් පරාලේ තියාගෙන අනුන්ගේ ඇගේ තියෙන පොල් කෙන්ද හොයන හැටි හැබෑට (දිල්).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 730 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 97 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 87 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 1301 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1734 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2796 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1190 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1489 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site