
දෙවැනි ලෝක යුද්ධයේ දී, නාසි හමුදා බලඇණියකට සම්බන්ධ වී, රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදුණු, යුක්රේන රණ විරුවකු බව පවසමින්, නාසි හමුදා සොල්දාදුවකු පාර්ලිමේන්තුවට ආරාධනා කර, ඔහුට ගෞරව කිරිමේ සිද්ධිය මුල්කොට ගනිමින්, කැනඩා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතානායක ඇන්තනි රෝටා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
කතා නායකවරයා, 98 හැවිරිදි, යුරොස්ලෝව් හුන්කා නමැති එම නාසි හමුදා සොල්දාදුවා පාර්ලිමේන්තුවට ආරාධනා කර තිබුණේ පසුගිය දා යුක්රේන ජනාධිපති ව්ලොදිමිර් සෙලෙන්ස්කී කැනඩා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඇමැතීමට පැමිණි අවස්ථාවේදීය.
රුසියාවට එරෙහිව නිර්භීත අයුරින් සටන් වැදුණු යුද විරුවකු යැයි යුරොස්ලෝව් හුන්කා හඳුන්වා දීමට කතානායක ඇන්තනි රෝටා කටයුතු කළේය. ඉන්පසු කතා නායකවරයා, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඇතුළු සෙසු මැති ඇමැතිවරුන් පමණක් නොව, ආරාධිත අමුත්තකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ සිටි යුක්රේන ජනාධිපතිවරයා ද අසුන්වලින් නැගිට යුරොස්ලෝව් හුන්කා ට ගෞරව දැක්වීමට කටයුතු කළේය.
පසුව අනාවරණය වූයේ යුරොස්ලෝව් හුන්කා රුසියාවට එරෙහිව සටන් කළ රණ විරුවකු නොව, නාසි සංහාරයට දායක වූ සොල්දාදුවකු බවය. යුරොස්ලෝව් හුන්කා නාසි හමුදා නායක හයිනරික් හිම්ලර්ගේ හමුදා කණ්ඩායමේ සාමාජිකයෙකි.
මේ බව අනාවරණය වූ සැණින් කතානායකවරයා සමාව ඉල්ලීමක් ද කළේය. ඔහු කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ ඉන්පසුවය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ කියා සිටියේ එය රටටම නින්දාවක් වූ බවය. දෙවැනි ලෝක යුද්ධයේ දී, නාසි හමුදාවට සම්බන්ධ සොල්දාදුවකු රණ විරුවකු යැයි පවසමින්, ඔහු පාර්ලිමේන්තුවට කැඳවා ගෞරව කිරීම සමස්ත කැනඩාවටම ලැජ්ජාවක් බව අග්‍රාමාත්‍ය ටෲඩෝ පවසා තිබේ.
2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2127
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැනඩා කතානායක ඉල්ලා අස්වෙයි
wedage Wednesday, 27 September 2023 04:49 PM
ඒකට ශ්‍රිලංකාවේ දුම්මල ගහලා එලෙව්වත් මේ කතානායක නම් යන්නේ නැහැ