IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


කැනඩා අගමැතිගෙන් අගමැති මෝදිට ඇමතුමක්

කැනඩා නව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇමතුමක් දී, කැනඩාවේ පැවැත්වෙන ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙන්නැයි ඇරැයුම් කළේය.

ඉන්දියාව, කැනඩාව ‘ජී7’ කන්ඩායමේ සාමාජිකයන් වන අතර, සමුළුව එලැඹෙන 15 වැනිදා සිට 17 වැනිදා තෙක් කැනඩාවේ දී පැවැත්වීමට නියමිතය. සමුළුවේ සත්කාරකරු ලෙස කටයුතු කරන්නේ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිය.

දුරකතන ඇමතුමක් දී කැනඩා අග්‍රාමාත්‍යවරයා කළ එම ඇරැයුම තමන් පිළිගත් බව අග්‍රාමාත්‍ය මෝදි පැවැසුවේ, එක්ස් ගිණුමේ සටහනක් තබමිනි. කැනඩා අග්‍රාමාත්‍යවරයාට ස්තුති කිරීමට ද මෝදි අමතක කළේ නැත.

ඉන්දියාවත් කැනඩාවත් අතරේ අර්බුදයක් නිර්මාණය වූයේ කාර්නිට පෙර, ජස්ටින් ටෲඩෝ කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දීය. කැනඩාවේ දී කැනඩා පුරවැසියකු වූ සීක් ජාතිකයක තරුණයෙකු ඝාතනයට ලක් විය.

ඉන්දියාවට අනුව මොහු කනඩාවට ගොස් පුරවැසිභාවය ලබාගත් කලිස්තානි බෙදුම්වාදී ත්‍රස්ත නායකයෙකි. මෙම සිද්ධියේදී ඉන්දීය රජයට චෝදනා එල්ල වූ අතර, ඉන්දියාවත් කැනඩාවත් අතර විරසකයක් නිර්මාණය වීමට එය හේතු විය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

කැනඩා අගමැතිගෙන් අගමැති මෝදිට ඇමතුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1220 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1199 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site