මීළඟ පාප්තුමන් කවුරුන් වනු ඇති ද යන්න ගැන ලෝක ප‍්‍රජාව අවධානයෙන් සිටින මොහොතක නව පාප්තුමන් තෝරා ගැනීමට අදාල කි‍්‍රයාවලිය වතිකානුවේ සිටින කාදිනල්හිමිරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ(4) ආරම්භ කෙරිණි.
වතිකානුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාවලදී නව පාප්තුමකු තෝරා ගැනීමේ දිනයක් තීරණය කර ගනු ඇතැයි පැවසේ. නව පාප්තුමකු තෝරා ගැනීමේ කි‍්‍රයාවලිය සඳහා වයස අවුරුදු 80ට අඩු කාදිනල්හිමිවරු 115 දෙනෙක් සහභාගී වෙති.
යුරෝපයෙන් බැහැර රටක කාඩිනල් පියතුමකු එම පදවියට තේරී පත් වනු ඇතැයි ද, එම කාඩිනල් පියතුමා වයස්ගතයකු නොවනු ඇතැයි ද බොහෝ දෙනා විශ්වාස කරති. පාප් පදවියට සුදුසුකම් ලබන්නෝ කාදිනල්හිමිවරුය. එම කාඩිනල් හිමිවරු පාප්තුමකු තෝරා ගැනීමට වතිකානුවට රැස්වී, අභ්‍යන්තර ඡන්ද විමසුමක් පවත්වති.
පාප්තුමන් තෝරා ගත්තේ ද නැද්ද යන්න වතිකානුව ලෝකයාට සංඥා කරන්නේ ශාන්ත පීටර් බැසිලිකා දෙව් මැදුරේ දුම් කවුළුවෙන් නිකුත් වන දුමේ පැහැය මගින්ය.
කාඩිනල් පියතුමන්ලා පාප් පදවියට කෙනෙකු තෝරා ගත්තේ නම් ඒ බව ලෝකයාට දන්වන්නේ සුදු පැහැති දුමක් පිට කිරීමෙනි. තීරණයකට එළැඹී නැතිනම් මෙන්ම පාප් තුමකු ස්වර්ගස්ථ අවස්ථාවකදී නිකුත් කෙරෙන්නේ කළු පැහැ දුමකි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කාදිනල්හිමිවරු නව පාප්තුමකු පත්කර ගැනීමට සාකච්ඡා අරඹති
හිරාන් Wednesday, 06 March 2013 10:23 AM
කවුරු පත්වුණත් අපේ ප්‍රශ්න නම් එහෙම්මමයි. (නි)
කොස්වත්ත Tuesday, 05 March 2013 11:05 PM
මගේ ප්‍රාර්ථනාව ලංකාවෙන් බිහිවේවා යන්නයි. (නි)
නාලක Tuesday, 05 March 2013 08:44 AM
අපේ රටේ නියෝජනයට අපි සුබපතමු (දී)
උපුල් Tuesday, 05 March 2013 08:58 AM
මගේ ප්‍රාර්ථනය නව පාප් වහන්සේ ශ්‍රී ලංකාවෙන් බිහිවේවා යන්නයි. (නි)
මේනක Wednesday, 06 March 2013 01:38 PM
මීලග පාප් වහන්සේ උතුරු ඈමරිකාවෙන් බිහිවෙයි.(නදී)
හිරු Tuesday, 05 March 2013 10:24 AM
මීළඟ පාප් තුමා කවුරුන් විය හැකිද (දී)
අමිල Tuesday, 05 March 2013 08:53 PM
දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ වැනි කෙනෙක් නැවතත් පත්වේවා! (නි)