
කෘත්‍රිම බුද්ධි පරිගණක මෘදුකාංගවලට එරෙහිව පැවැරූ නඩුවෙන් ජය ගැනීමට ජනප්‍රිය ඉන්දීය නළු අනිල් කපූර් සමත් විය.
ජනප්‍රිය මෙන්ම සම්මානනීය බොලිවුඩ් නළු අනිල් කපූර් නඩු පැවැරුවේ, සිය රූපය කෘත්‍රිම බුද්ධි මෘදුකාංග ඇසුරින් සැබෑ ආකාරයට නිර්මාණය කර ජනප්‍රිය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.
කෘත්‍රිම බුද්ධි මෘදුකාංග වැඩසටහන් සම්බන්ධයෙන් අධිකරණයක් මේ අයුරින් තීන්දුවක් ලබා දුන්නේ පළමු අවස්ථාව වන්නේ මෙය යැයි ද ඉන්දීය මාධ්‍යශ වාර්තා කර තිබේ.
චිත්‍රපට 100 කට අධික ප්‍රමාණයක රඟපා ඇති අනිල් කපූර් ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන්, දිල්ලි මහාධිකරණයේ මෙම නඩුව ගොනු කර තිබුණි. අනිල් කපූර්ගේ රූපය පමණක් නොව, කටහඬ සහ රංගන හැකියාව ද කෘත්‍රිම බුද්ධි මෘදුකාංග ඇසුරින් නිර්මාණය කර තිබීම නඩු පැවැරීමට හේතුව විය.
අධිකරණය නියෝග කළේ අවසරයකින් තොරව, අනිල් කපූර්ගේ රුව, කටහඬ සහ රංගන හැකියාව කෘත්‍රිම බුද්ධි මෘදුකාංගයකින් නිර්මාණය කිරීම වැරදි බවය.
මින් ඉදිරියට, කෘත්‍රිම බුද්ධි මෘදුකාංග භාවිත කරමින් රංගන ශිල්පීන්ගේ රංගන හැකියාව ‘සොරකම් කිරීම’ වළක්වා ගැනීමට අනිල් කපූර් ලබා දුන් තීන්දුව හේතුවක් වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2127
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෘත්‍රිම බුද්ධියට එරෙහි නඩුවෙන් අනිල් කපූර්ට ජය