IMG-LOGO

ඔමික්‍රෝන් නිසා ජපානය වැසේ

බිහිසුණු නව කොවිඩ් ප්‍රභේදය වන 'ඔමික්‍රෝන' ආසාදිතයකු හමුවීමත් සමඟ ජපන් රජය ද   විදෙස් සංචාරකයින්ට තහනමක් පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (30) දින  සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම රටවල සිට පැමිණෙන සංචාරකයන්ට ජපානයට ඇතුළුවීමට අවසර නොදෙන බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පවසා තිබේ.

දකුණු අප්‍රිකාවෙන් පළමු වරට හඳුනා ගැනුණු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සමග රටවල් 18 ක් පුරා පැතිරී ඇති නව කොවිඩ් ප්‍රභේදය නිසා ජපානයේ ගැටළුකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගනු ලබන බවද  ජපාන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

නව ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්නා තුරු මුව ආවරණ පැළඳීම සහ අනෙකුත් මූලික සෞඛ්‍ය පුරුදු පවත්වා ගෙන යමින් සිය දෛනික කටයුතු ආරක්ෂාකරිව සිදුකර ගන්නා ලෙස ජපාන අග්‍රාමාත්‍යවරයා එරට ජනතාවගෙන ඉල්ලා සිටී.

ඔමික්‍රෝන් විකෘතිය අනෙකුත් කොවිඩ් ප්‍රභේද වලට වඩා භයානකද යන්න පැහැදිලි නැතැයි විද්‍යාඥයන් අනතුරු අඟවන විටත් බොහෝ රටවල් තම දේශසීමා දැඩි කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර ඊශ්‍රායලය, මොරොක්කෝව සහ ස්විට්සර්ලන්තය ආදී රටවල් මේ වන විටත් සියලුම විදේශ සංචාරකයින්ට තහනම් පැනවීමට පියවර ගෙන ඇත.

(ගාඩියන් ඇසුරෙනි)



අදහස් (2)

ඔමික්‍රෝන් නිසා ජපානය වැසේ

කිරි පුතා Tuesday, 30 November 2021 04:19 PM

බිහිසුණු කියන වචනය දැනට භාවිතා නොකර ඉමු නේද? නව ප්‍රභේදය ගැන සියලු විස්තර දැනගත් පසු එහි ක්‍රියාකාරීතවය ගැන නිපාත යෙදීම සුදුසු යැයි සිතමි...

:       0       0

ඇමි Tuesday, 30 November 2021 04:21 PM

අන්න එහෙමයි.. දියුණු රටවල් මේ වගේ නෙමෙයි. විදේශ ආදායම කියලා ගුවන් තොටුපළවල් ඇරලා තියන්නේ නෑ. මුලදි කරන්න ඕන වැඩ අශ්වයා ඉස්තාලයෙන් ගියාට පස්සේ කරලා වැඩක් නෑ. හරි නම් දැන්ම වහන්න ඕනෑ.. යන්නේ නැති රටවල් වලට තහනම් දාලා වැඩක් නෑනේ වැහැව්වා කියන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site