IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


’ඔමික්‍රෝන්’ චීනයට

ලොව පළමු 'ඔමික්‍රෝන්' මරණය මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙද්දී, චීනය ප්‍රකාශ කළේ එරටින් ද 'ඔමික්‍රෝන්' ආසාදිතයන් වාර්තා වීමට පටන් ගෙන ඇති බවය. මේ වනවිට, 'ඔමික්‍රෝන්' පමණක් නොව, චීනයෙන් 'ඩෙල්ටා' සහ 'ඩෙල්ටා ප්ලස්' යන 'කොවිඩ් 19' වයිරස විකෘති ද හමුවීමට පටන් ගෙන තිබේ.

චීන සෞඛ්‍ය අංශ අනුව, 'ඔමික්‍රෝන්' ආසාදිතයකු පළමුවෙන් හඳුනා ගැනීම සිදුවූයේ එරට ටියැංජින් නගරයෙනි. ටියැංජින් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි, මෙම තැනැත්තා විදේශයක සිට පැමිණි අයෙකි. මෙම තැනැත්තාගෙන් 'ඔමික්‍රෝන්' වයිරසය ව්‍යාප්තවීමට පටන් ගෙන තිබේ. මෙම තැනැත්තාත්, ඔහුගේ ආශ්‍රිතයනුත්, නිරෝධායනයට ලක් කළ බවත් වාර්තා වේ.

2019 වසරේ දී 'කොවිඩ් 19' වසංගතයේ ආරම්භය සිදුවූයේ චීනයෙනි.  ලොව සෙසු රටවල 'කොවිඩ් 19' වසංගත තත්ත්වයක් නිර්මාණය වෙද්දී, චීනය එරට වසංගතය පාලනය කර ගත්තේය. ඒ, ආසාදිතයන් වෙන් කර, ආශ්‍රිතයන් සියලු දෙනා හඳුනා ගැනීමට කටයුතු කරමිනි.

දැන් යළිත් වරක් චීනයෙන් 'කොවිඩ් 19' වාර්තා වීමට පටන්ගෙන ඇත. ඒ, 'ඩෙල්ටා' විකෘතිය චීනයට ව්‍යාප්ත වීමත් සමඟය. 'ඩෙල්ටා' යනු ඉන්දියාවෙන් පළමුවෙන් ආරම්භ වුණු 'කොවිඩ් 19' විකෘතියයි. 'ඔමික්‍රෝන්' යනු දකුණු අප්‍රිකාවෙන් පළමුවෙන් හඳුනාගත් 'ඩෙල්ටා' විකෘතියට වඩා දහස් ගුණයකින් ප්‍රබල බෝ වීමේ හැකියාවක් ඇති 'කොවිඩ් 19' විකෘතියයි.

ලබන 2022 වසරේ, චීනයේ බෙයිජීං අගනුවර කේන්ද්‍රකොට ගනිමින් ශීත ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතය. චීනය මේ වනවිට කොරෝනා රැල්ලකට මුහුණ දෙන්නේ පෙබරවාරියේ පැවැත්වීමට නියමිත එම ඔලිම්පික් උළෙලට සූදානම් වෙද්දීය.

(රොයිටර්)



අදහස් (0)

’ඔමික්‍රෝන්’ චීනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 621 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site