IMG-LOGO

ඔබාමාගෙන් ජෝ බයිඩන් ගැන හෙළිදරව්වක්

 

 
 
ඔසාමා බින් ලාඩන් ඝාතනය කෙරුණු මෙහෙයුම කිරීම මදක් ප්‍රමාද කරන්නැයි ජෝ බයිඩන් උපදෙස් දුන් බව ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සඳහන් කරයි.

බැරැක් ඔබාමා සිය නවතම කෘතියේ එම කරුණු සඳහන් වී ඇත. බැරැක් ඔබාමා සිය නවතම චරිතාපදානය “අ ප්‍රොමිස්ඩ් ලෑන්ඩ්” යනුවෙන් නම් කර ඇති අතර නේවී සීල් භටයන් ඔසාමා බින් ලාඩන් සොයා කළ මෙහෙයුම් සම්බන්ධයෙන් ද එම කෘතියේ සඳහන් කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ත්‍රිවිධ හමුදාවල සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂිත බළකායක් වන නේවි සීල් භටයන් 2011 වසරේ මැයි 1 හෝ 2 වැනිදා රාත්‍රීයේදී පාකිස්තිනායේ ඇබොටාබාද්හිදී මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. නේවී සීල් භටයන් යනු විශේෂිත මෙහෙයුම් සදහා යන පිරිසකි.

“ජෝ මේ ගැන තරමක් බැරෑරුම්ව හිතුවා” යැයි ඔබාමා එම කෘතියේ ලියා ඇත.

ඔබාමාගේ මෙම නව කෘතිය ලබන අඟහරුවාදා පළ වීමට නියමිත ය. එහි පිටපතක් දුටු බව ‘ද ගාඩියන්’ පුවත්පතේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි කාර්යාලය වාර් තා කර ඇත.

ඉකුත් දා පැවැති ජනාධිපතිවරණයෙන් ඉතිහාසගත ජයක් ලැබූ ජෝ බයිඩන් ලබන ජනවාරියේදී ධවල මන්දිරයට යෑමට නියමිත ය.

තමන් මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයට ජෝ බයිඩන් කඩිනමින් සහාය දුන් බව ද ඔබාමා සිය කෘතියේ සඳහන් කර ඇත.

ජෝ බයිඩන් එම මෙහෙයුමට විරුද්ධව උපදෙස් දුන්නේ ද නැද්ද යන්න ඇමෙරිකානු දේශපාලනයේ මතභේදයට තුඩු දුන් විවිදාශීලි කරුණක් විය. මෙවර ජනාධිපතිවරණයේදී එම කරුණ මුල් කරගනිමින් රිපබ්ලිකන් පක්ෂය ජෝ බයිඩන් ට චෝදනා කළේය. ජෝ බයිඩන්, බින් ලාඩන් ඝාතනයට විරුද්ධ වූයේ යැයි ද රිපබ්ලිකන් පක්ෂය චෝදනා කළේය.

අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අණ දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත. “කරන්න එපා, පොඩ්ඩක් ඉන්න, කාලය ගන්න” යැයි ජෝ බයිඩන් බැරැක් ඔබාමාට උපදෙස් දී ඇත.  

එමෙනම් ජෝ බයිඩන් එහිදි, “ඔබේ සහජාසය (ඉව) භාවිත කරන්න” යැයිද ඔබාමාට උපදෙස් දී තිබේ.

එම අවස්ථාවේදී ධවල මන්දිරයේ සිටි තවත් ජ්‍යෙෂ්ඨයන්ට ජෝ බයිඩන් දැරූ මතයේ සිටි බව ද බැරැක් ඔබාමා සිය කෘතියේ සඳහන් කර ඇත

“ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස් ද සිටියේ ඒ මතයේ. මේ මෙහෙයුම අසාර් ථක වුවහොත් ඒ නිසා එල්ල වන දරුණු විපාක ගැන බයිඩන් හොඳ විමසිල්ලෙන් සිටියේ. ඔහු ගැන නිරන්තරයෙන් ප්‍රශ්න කළා. විමසිල්ලෙන් හිටියේ. බුද්ධි තොරතුරු නිශ්චිතවම තහවුරු කරගන්නා තෙක් ඉන්නැයි ඔහු කීවා. ඒ නිවාස සංකීර්ණයේ බින් ලාඩන් ඉන්න බව බුද්ධි අංශ තහවුරු කරගන්නා තෙක් ඉන්නැයි ජෝ කීවා” යැයි ඔබාමා සිය කෘතියේ සඳහන් කර ඇත.

එම මෙහෙයුමේදී නේවී සීල් භටයන් කළ වෙඩි තැබීමකින් අල් කයිඩා සංවිධානයේ නායක බින් ලාඩන් මරණයට පත්විය. බින් ලාඩන් යනු ඇමෙරිකා එක්සත් ජනපදයට 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ය.

“මා ජනාධිපතිවරයා ලෙස ගත් සෑම ප්‍රධාන තීරණයකදීම ජෝ ඒවා ප්‍රශ්න කළා. ඔහු සැර ප්‍රශ්න ඇහුවා. ඒක ඇත්තක්. ඒ වගේම මං ඒ ගැන ජෝ ට කෘතඥ වෙනවා.  ඒ නිසා මට මගේ තීරණ විචාරය කරන්න විවේචනය කරන්න කාලයක්, අවස්ථාවක් ලැබුණා” යැයි ඔබාමා සඳහන් කර ඇත.
 

 


‘ද ගාඩියන්’ ඇසුරිනි
055

 



අදහස් (1)

ඔබාමාගෙන් ජෝ බයිඩන් ගැන හෙළිදරව්වක්

චින්තක Monday, 16 November 2020 02:16 AM

ඇමෙරිකා නායකයින් ඔවුන්ට විරුද්ධ දැඩි විවේචනය අගය කලත් ලංකාවේ අප්පලා කරන්නේ මොනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 92 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site