IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


එන්නත ගන්නවා නම් ගංජා දෙනවා

'කොවිඩ් 19' වයිරසයෙන් ආරක්ෂා වීමට, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්නා අවුරුදු 21 ට වැඩි ඕනෑම අයකුට නොමිලේ මර්ජුවානා (ගංජා-කංසා වැනි) ලබාදීමට ඇමෙරිකාවේ වොෂින්ටන් ජනපද බලධාරීන් තීරණය කර තිබේ.

ඒ, එන්නත් ලබා ගැනීමට අදිමදි කරන ඇමෙරිකානුවන් දිරි ගැන්වීමක් ලෙසය. 'ජොයින්ට්ස් ෆෝ ජැබ්ස්' යනුවෙන් මෙම වැඩසටහන නම් කර තිබේ.

ඖෂධීය ගුණය සැලකිල්ලට ගනිමින්, ඇමෙරිකාවේ ප්‍රාන්ත බොහොමයක ඔසුහල් මගින් මර්ජුවානා විකිණීම සිදු කෙරේ. වොෂින්ටනයේ එන්නත් ලබා ගන්නා අවුරුදු 21 ට වැඩි ඇමෙරිකානුවන්ට මර්ජුවානා ලබා දීම එම ඔසුහල් සම්බන්ධ කර ගනිමින් සිදු කරන බව වොෂින්ටන් බලධාරීන් පවසා ඇත.

ඇමෙරිකාවේ වැඩිහිටි ජනගහනයෙන් වැඩි පිරිසක් මේ වනවිට ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. වොෂින්ටන් ජනපදයේ එන්නත් එකක් හෝ ලබා ගත් ප්‍රතිශතය සියයට 54 ක් පමණි.

ජූලි 4 වැනිදා ඇමෙරිකාව නිදහස් දිනය සමරද්දී, රටේ සමස්ත ජනගහනයෙන් සියයට 70 කට වඩා වැඩි පිරිසක් එන්නත් කිරීම ජනාධපති ජෝ බයිඩන්ගේ ඉලක්කය වී තිබේ. මේ වනවිට අවුරුදු 12 ට වැඩි සියලු දෙනාට එන්නත් ලබා දෙයි. 'ෆයිසර්' සහ 'මොඩර්නා' යනු එසේ ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත්ය. 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ලැබෙන්නේ 'ෆයිසර්' එන්නත පමණි.

ඇමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ඇත්තේ එම එන්නත්කරණ වැඩසටහන සාර්ථක බැවිනි. ඒ අනුව, සෞඛ්‍ය බලධාරීන් පනවා ඇති තහංචි බොහොමයක් ද ලිහිල් වී ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි. ජනාධිපති ජෝ බයිඩන් පවසන අන්දමට ඇමෙරිකාවේ ආර්ථිකය ද යළි ශක්තිමත් වීමට පටන්ගෙන ඇත. 'කොවිඩ් 19' වයිරසයෙන් ආරක්ෂා වීමට නම්, එන්නත් ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු බව ජනාධිපති බයිඩන් ඇමෙරිකානුවන්ට දිගින් දිගටම පවසා ඇත.

කෙසේ නමුත් එන්නත් ලබා ගැනීමට අදිමදි කරන පිරිසක් ද වෙති. ඔවුන්ගෙන් වැඩි දෙනා කළු ජාතික ඇමෙරිකනුවන්ය. එන්නත් ලබා ගැනීමට අදිමදි කරන බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත්තේ, එන්නත හරහා සිරුරට පියවි ඇසට නොපෙනෙන පරිගණක චිපයක් ඇතුළු කරන බවය. එම චිපය හරහා රජය සහ බලවත් සමාගම් තමන් පාලනය කරනු ඇතැයි ද එම පිරිස පවසති.

මීට අමතරව, ඇමෙරිකානුවන් එන්නත් කිරීමට උනන්දු කරවමින්, ඇමෙරිකාවේ ජනපද මට්ටමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. කැලිෆෝනියා සහ ඔහියෝ ජනපදවල එන්නත් ලබා ගන්නා අය වෙනුවෙන් ලොතරැයි ක්‍රමයක් හඳුන්වා දී ඇත.

එන්නත් ලබා ගන්නා ඇමෙරිකානුවන් නොමිලේ ගුවන් ටිකට්පත් ලබා දීමක් ද ආරම්භ වී ඇත. ඒ, අභ්‍යන්තර ගුවන් ගමන් සඳහාය. ඇමෙරිකාවේ සෙසු ජනපදවල නොමිලේ බියර් ලබාදීම, ක්‍රීඩා තරඟ සහ සංගීත සංදර්ශනවල ටිකට්පත් නොමිලේ ලබා දීම, එම ක්‍රීඩා තරඟ සහ සංගීත සංදර්ශන නැරැඹීමට පැමිණෙන අයට නොමිලේ කඩචෝරු ලබා දීම ආදිය ද සිදු වෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)



අදහස් (5)

එන්නත ගන්නවා නම් ගංජා දෙනවා

fairoos Wednesday, 09 June 2021 04:48 PM

එහෙනම් එන්නත් වලට වැඩිය ගංජා තියන හින්දා හරියන්නේ නැහැ.

:       0       4

hesa Wednesday, 09 June 2021 06:07 PM

"එන්නත, කොරෝනා සීඝ්‍රයෙන් සුව කරයි" කියලා ප්‍රසිද්ධ කරන්න තවත් උපාය මාර්ගයක් ඒ...

:       0       4

Sri Lanka Thursday, 10 June 2021 12:11 AM

අපේ රටේ ඉන්න ගොන්නුන්ට මරු පාරක්... අපිට මොනවත් ඕනෑ නැහැ ... ගංජාවලින් ගොඩයන්න පුළුවන්...

:       0       0

de silva Thursday, 10 June 2021 06:52 AM

මේ දේ නම් වෙන්නේ ඒකේ අනික් පැත්ත එන්නත් ගහන්නේ ගංජා, අරක්කු මුදලාලිලා ඔවුන් අනුග්‍රහය දක්වන දේශපාලකයා හරහා දෙන ලිස්ට් එකට...

:       0       0

Hasitha Dilan Thursday, 10 June 2021 02:04 PM

අන්න නියමයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 98 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site