IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


එන්නත් සමානව බෙදෙන්න ඕනෑ

'කොවිඩ් 19' වයිරසය අවසන් කිරීමට හැකිවන්නේ, ලොව සෑම කෙනකුටම සමානව පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා දීමෙන් පමණක් බවත්, බූස්ටර් එන්නත් ලබා දීමට පෙර, නියමිත වයස් කාණ්ඩවල සියලු දෙනාට පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා දීම කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් යළි යළිත් අවධාරණය කරයි.

'ඔමික්‍රෝන්' විකෘතිය කරළියට පැමිණීමත් සමඟ අද රටවල් බොහොමයක් තෙවැනි මාත්‍රාවක් ලෙස බූස්ටර් එන්නතක් ලබා දීම සිදු කරයි. එසේ වුවත්, තවමත් එක එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් පිරිසක් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙයි.

දිළිඳු රටවල (විශේෂයෙන් අප්‍රිකාවේ) මෙම වැසියන්ට කඩිනමින් එන්නත් ලබා දීම කළ යුතු බවත්, ධනවත් රටවල අවධානය ඊට යොමු විය යුතු බවත් ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පෙන්වා දී ඇත. එසේ නොවුණහොත් ඉදිරියට තව තවත් 'ඔමික්‍රෝන්' වැනි 'කොවිඩ් 19' විකෘති නිර්මාණය වීමට ඉඩ ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු ඇඟවීමක් කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

එන්නත් සමානව බෙදෙන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 614 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site