
උතුරු කොරියානු හමුදා අත්අඩංගුවේ සිටින ඇමෙරිකන් සෙබළාට නිදහස හිමිවිය. 23 හැවිරිදි ටේරවිස් කිංග් නමැති මෙම කළු ජාතික සෙබළා උතුරු කොරියානු හමුදා අත්අඩංගුවට පත් වූයේ පසුගිය ජූලි මාසයේය.
ටේරවිස් කිංග් දකුණු කොරියාවේ ඇමෙරිකන් හමුදා කඳවුරකට අනුයුක්ත වී සිටි සෙබළෙකි. පසුගිය 2022 වසරේ දී මොහු උසස් හමුදා නිලධාරියකුට පහර දීමේ සිද්ධියක් මුල්කොට ගනිමින්, ඊට වරදකරු වී, කොරියාවේ බන්ධනාගාරයකට යැවුණු බව ද පැවැසෙයි.
ඉකුත් ජූලි මාසයේ ඔහු උතුරු කොරියානු හමුදා අත්ඩඅංගුවට පත් විය. ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ටේරවිස් කිංග් දකුණු කොරියාවේ සිට දේශසීමා හරහා උතුරු කොරියාවට පැනගිය බවය.
කෙසේ නමුත් ඇමෙරිකා හමුදාව පවසා තිබුණේ දේශසීමා මුර සංචාරයක යෙදී සිටිද්දී උතුරු කොරියානු හමුදාව ටේරවිස් කිංග් අල්ලා ගත් බවය.
ටේරවිස් කිංග් නිදහස් කර ගැනීම සිදුවූයේ චීන සහ ස්වීඩන රජයේ මැදිහත් වීමෙන් යැයි ද ඇමෙරිකන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. උතුරු කෙිරායානු හමුදාව ටේරවිස් කිංග් චීනය හරහා ඇමෙරිකන් නිලධාරීන්ට බාර කෙරුණු බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd