
රුසියාව, උතුරු කොරියාවෙන් අවි ආයුධ ගැනීමට සූදානම් වන අතර, එම අවි ආයුධ වෙනුවෙන් උතුරු කොරියාවට ආහාර ලබා දීමට කැමැත්ත පළ කර තිබේ.
උතුරු කොරියාව ආයුධ නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ, එරට හමුදාවට මුල්තැන දී ඇති නිසාය. ආයුධ ඇති තරම් තිබුණත්, උතුරු කොරියානුවන් ආහාර අර්බුදවලින් පීඩා විදී.
උතුරු කොරියාවේ ආයුධ සහ උණ්ඩ වෙනුවෙන්, ආහාර ලබා දීමට රුසියාව කැමැත්ත පළ කර ඇතැයි ලොවට අනාවරණය කළේ දකුණු කොරියානු බුද්ධි අංශ බව පැවැසෙයි.
උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ මිසයිල වැඩපිළිවෙළ හේතුවෙන්, බටහිර රටවල් එරටටසම්බාධක පැනවීමක් කර තිබේ. එහෙයින්, උතුරු කොරියාව ලොවෙන් හුදෙකලා වී ඇත.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශේෂ නියෝජිත කණ්ඩායමක් උතුරු කොරියාවට යවා ඇත. උතුරු කොරියාව සහ රුසියාව යනු එක ළඟ පිහිටි රටවල්ය.
රුසියන් ජනාධිපති පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ සමීප මිතුදම් පවතී.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් චීනෙට රබර් දීලා ගත්තේ හාල්...