IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


උතුරු කොරියාවේ යුද තර්ජන අවසන්

ප‍්‍රහාර එල්ල කරන බව පවසමින්  ඇමෙරිකාව සහ අසල්වැසි දකුණු කොරියාව දෙසට හරවා තිබූ තම මිසයිල යළි හමුදා කඳවුරු තුළට ගෙන යෑමට උතුරු කොරියාව ඊයේ (7) කටයුතු කිරීමත් සමඟ එරටින් එල්ල වූ යුද තර්ජන නිමාවට පත්විය.
උතුරු කොරියාව, ඇමෙරිකාවට සහ දකුණු කොරියාවට පහර දෙන බවට අනතුරු ඇඟවීම් කළේ ඉකුත් මාර්තු මස 30 වැනිදා සිටය. ඊට හේතු වූයේ ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී කොරියානු අර්ධ ද්වීපයේ පැවැත්වීමට සූදානම් වූ මහා පරිමාණයේ යුද අභ්‍යාසයකි.
උතුරු කොරියානුවන් ප‍්‍රකෝප කිරීමට සමත් වූ, ‘ෆොල් ඊගල්’ නමැති එම යුද අභ්‍යාසය අත්හැර දැමීමට තමන් තීරණය කළ බව ඇමෙරිකාවත් දකුණු කොරියාවත් ඉකුත් 30 වැනිදා නිල වශයෙන් නිවේදනය කළේය.
‘ෆොල් ඊගල්’ යුද අභ්‍යාසය අවලංගු කළත් මේ වනවිට ඇමෙරිකාවත්, දකුණු කොරියාවත් සබ්මැරීන යොදා ගනිමින් නාවික අභ්‍යාසයක් පවත්වන බව වාර්තා වේ. ඊට යුද නැව් කීපයක් ද යොදා ගැනෙන බව දකුණු කොරියානු මාධ්‍ය පෙන්වා දෙයි.
උතුරු කොරියාවෙන් ප‍්‍රහාරයක් එල්ලවූවා නම් එය තෙවැනි ලෝක යුද්ධය තෙක්, එසේත් නැතිනම් න්‍යෂ්ටික යුද්ධයක් තෙක් දුරදිග යාවි යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් පවා බිය පළ කර තිබුණි.
එක්සත් ජාතීන්ගේ යුද විරෝධී කමිටුව කියා ඇත්තේ  දකුණු කොරියාවේ මිතුරකු වී, දකුණු කොරියාවට සහාය දෙමින්, ඒකාබද්ධ යුද අභ්‍යාස පවත්වමින් ඇමෙරිකාව, උතුරු කොරියාව ‘අවුස්සන’ බවත් එහි අරමුණ උතුරු කොරියානු රජය පෙරැළීම බවත්ය.



අදහස් (0)

උතුරු කොරියාවේ යුද තර්ජන අවසන්

මක්සි Wednesday, 08 May 2013 05:37 PM

අයියෝ සල්ලි. (නි)

:       0       0

රොෂාන් Wednesday, 08 May 2013 11:12 AM

බය නැහැ කිව්වට බයයි වගේ නේද? (නි)

:       0       0

නිශාන්ත Wednesday, 08 May 2013 11:42 AM

ඒක ගොඩක් හොඳ තීරණයක්. (ස)

:       0       0

කුසුම් Wednesday, 08 May 2013 11:47 AM

ඉතාමත් සතුටු ආරංචියක්. (නි)

:       0       0

චානක Wednesday, 08 May 2013 07:39 PM

ඇමරිකාව ආසියාවට ඇඟිලි ගැසීම් නැවැත්විය යුතුයි. (නි)

:       0       0

මයුර Wednesday, 08 May 2013 08:27 PM

අපෝ.... (ස)

:       0       0

මහින්ද Thursday, 09 May 2013 03:21 PM

බුරන බල්ලෝ හපකන්නේ නැතිලු ඇමරිකාවට සුභ පැතුම්. (ස)

:       0       0

ගාමිණී Wednesday, 08 May 2013 10:09 PM

ඔබගේ නිර්භීතකමටත් ,එඩිතරභාවයටත් සුභ පැතුම්! දෙවැනි පියවර වශයෙන් උතුර,දකුණ එකමුතු වී ඔබාමාට තර්ජනයක් කළා නම් ලෝක ජයග්‍රහණයක් ! (නි)

:       0       0

කුසුම් Wednesday, 08 May 2013 02:32 PM

රටවල් දෙකම එකතුවී සාමයෙන් සමගියෙන් වැඩ කරගෙන යනවා නම් හොදයි. මෙපමණ ලක්ෂණ ලෝකයක් සුනු විසුනු කරන්නේ නැතුව සාමයෙන් පවත්වාගෙන යන්න . (නි)

:       0       0

රුමී Wednesday, 08 May 2013 04:27 PM

යාන්තන් ඇති. මම මේ බයේ හිටියේ අහිංසක ලස්සන කොරියන් කෙල්ලෝ ටික මැරෙයි කියලා. (නි)

:       0       0

දිසානායක Wednesday, 08 May 2013 04:41 PM

ඒ වුණාට ඇමෙරිකාවත් බැරිවුණා මේදා පොටේ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site