
මාස 15 ක් තිස්සේ පැවැති සටන් අවසන් කරමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සටන් විරාමයක් සඳහා එකඟත්වයක් ඇති කර ගැනුණි.
දෙපාර්ශ්වය අතරේ සාකච්ඡා පැවැත්වූයේ කටාර් රාජ්‍යයේ දෝහා නුවරදීය. සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කළේ කටාර් රාජ්‍යයයි.
කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහමාන් බින් ජසීම් අල් තානී කියා සිටියේ සටන් විරාමයත් සමඟ හමාස් සංවිධානය ඔවුන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කරනු ඇති බවය.
ඒ සමඟම, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් විපතට පත්වුණු පලස්තීනුවන්ට කඩිනමින් මානුෂීය ආධාර හිමිවනු ඇතැයි ද පැවැසෙයි.
ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම ආරම්භ කළේ 2023 ඔක්තෝබර් 7 වැනිදාය. ඒ, හමාස් සටන්කාමීන්, ලෙබනනයේ ඉරාන හිතවාදී හිස්බුල්ලා සටන්කාමීන් ද සමඟ හවුල් වී, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමිනි.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් ඉලක්කවලට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවෝ 46,707 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 110,265 කි.
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 04
521
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊශ්‍රායල හමාස් සටන් විරාමයක් !