ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගය ඉවත දමන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත.
අල්ලස් ගැනීම, වංචා කිරීම සහ විශ්වාසය කඩ කිරීම යන චෝදනා යටතේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහුට චෝදනා එල්ල වී ඇති අතර එම චෝදනා ගොනු කිරීම සිදුවූයේ 2019 දීය. අග්‍රාමාත්‍ය නෙදන්යාහු එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
දුරකතන ඇමතුමක් දෙමින්, ඇමෙරිකන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය නෙදන්යාහු වෙනුවෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ ඔහුට එරෙහි එම චෝදනා පදනම් විරහිත බව පෙන්වා දෙමිනි.
නෙතන්යාහුගේ නඩුව වහාම අවලංගු කළ යුතුයි, ඔහු ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨ වීරයෙක්. පදනම් විරහිත චෝදනා යටතේ ඔහුට නඩු පැවරීම වැරදියි. ඔහුට එරෙහි චෝදනාවලින් ඔහු වහා නිදහස් කළ යුතුයි යැයි ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ද පවසා ඇත.
ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරා වන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුය. අග්‍රාමාත්‍ය නෙදන්යාහු ද අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ තමන්ගේත් ඊශ්‍රායලයේත් සැබෑ මිතුරා ට්‍රම්ප් බවය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඊශ්‍රායල අගමැති වෙනුවෙන් ට්‍රම්ප් කතා කරයි