IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඊශ්‍රායලයත් පලස්තීනයත් ඇවිලෙයි

ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර මේ වනවිට දරුණු ගැටුම් ඇවිලෙමින් පවතී. එම ගැටුම්වලින් ඊශ්‍රායලයේත් ගාසා තීරයේත් 200 කට වැඩි පිරිසක් මියගිය බව පැවැසෙයි.

ගැටුම් ඇවිලී ගියේ පලස්තීන හමාස් ඉස්ලාමීය සටන්කාමීන් කන්ඩායමක් ගාසා තීරය හරහා ඊශ්‍රායල භූමියට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් පසුවය.

ඊශ්‍රායල ආරක්ෂක අංශ පැවැසුවේ රොකට් ප්‍රහාර 500 ක් පමණ ඊශ්‍රායලයට එල්ල වුණු බවය. ඊශ්‍රායල ආරක්ෂක අංශ පුදුමයට පත් කරමින්, පලස්තීන හමාස් සටන්කාමීන් ඉතා හොඳින් සැලැසුම් කර එම ප්‍රහාරය එල්ල කළේ යැයි ද පැවැසෙයි.

එම ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 40 කි.

ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැවැසුවේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එරෙහිව යුද ප්‍රකාශ කළ බවත්, ඊශ්‍රායලය මේ වනවිට යුද්ධයකට මැදි වී සිටින බවත්ය.

ඊහ්‍රායල ආරක්ෂක අංශ වහා හමාස් ප්‍රහාරයට ප්‍රතිචාර දකිවමින් ගාසා තීරයේ හමාස් ඉලක්කවලට ගුවනින් පහර දෙන්න පටන් ගත්තේය. මේ වනවිට ගාසා තීරයේ මියගිය ගණන 198 ක් බව පැවැසෙයි.

ඊශ්‍රායලය ඉස්ලාමීය හමාස් සටන්කාමීන් ත්‍රස්තවාදීන් ලෙස සැලකයි. ප්‍රහාරය එල්ල කළ හමාස් සටන්කාමීන් ඊශ්‍රායල වැසියන් පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි ද පුවත් සේවා වාර්තා කර තිබේ.

(අල් ජසීරා)



අදහස් (0)

ඊශ්‍රායලයත් පලස්තීනයත් ඇවිලෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site