IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඊජිප්තු සබ්මැරීනයක් මුහුදු පතුලේ අනතුරේ

සංචාරකයන්ට මුහුදු පතුළේ සුන්දරත්වය, අත්විඳීමට ඉඩ සලසන, ඊජිප්තු සංචාරක සමාගමකට අයත් සම්බැරීනයක්, ඊජිප්තුවට ඔබ්බෙන් රතු මුහුදේදී අනතුරට පත් විය. 

අනතුරට පත් වෙද්දී ‘සිම්බෑඩ්’ නමැති එම සබ්මැරීනයේ විවිධ රටවල සංචාරකයෝ 50 දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනෙක් වූහ. කාර්ය මණ්ඩල සාමාජිකයන් සියලු දෙනා ඊජිප්තු වැසියන්ය.

අනතුරින්, සංචාරකයන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සබ්මැරීනය අනතුරට පත්වුණු බව සැලවීමත් සමඟ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ඇරැඹිණි. ඒ, ඊජිප්තු වෙරළාරක්ෂක නිලධාරීන්ගේ මැදිහත් වීමෙනි. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සම්බැරීනයේ සිටි 39 දෙනකු බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වුණු බවය.
සම්බැරීනය අනතුරට පත් වූයේ ඊජිප්තුවේ හුර්ගාඩා වෙරළට කිලෝ මීටරයක් පමණ දුරින් මුහුදේ යාත්‍රා කරමින් තිබියදීය. 

අනතුරට පත් වෙද්දී, සබ්මැරීනයේ රුසියන්, නෝර්වේ, ස්වීඩන් සහ ඉන්දීය සංචාරකයන් සිට ඇත. අනතුරින් මියගිය 6 දෙනා රුසියානුවන් බව පැවැසෙයි.

මීටර් 25 ක් ගැඹුරට යාත්‍රා කරමින්, රතු මුහුදේ කොරල්පර සහ මුහුදු ජීවීන් නැරැඹීමට සංචාරකයන්ට අවස්ථාව ලබා දෙන සබ්මැරීනයක් බව ද පැවැසෙයි.



අදහස් (0)

ඊජිප්තු සබ්මැරීනයක් මුහුදු පතුලේ අනතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site