
හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන්, තමන් සමග පැහැදිලි එකගතාවක් ඇති කර ගැනීමට ඉරානයට නොහැකි වුවහොත්, දිගට හරහට පහර දී ඉරානය එක රැයින් විනාශ කරන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇගවීමක් කළේය.
හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන්, එකගත්වයක් ඇති කර ගැනීමට ට්‍රම්ප් ඉරානයට අද (7) රාත්‍රී අට තෙක් කල් දී තිබුණු බව ද මාධ්‍ය වාර්තා කළේය. ඉරානය එකගාවකට නොපැමිණියහොත්, යටිතල පහසුකම්, පාලම් සහ විදුලි බලාගාර ආදිය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට ද ට්‍රම්ප් අනතුරු අගවා තිබුණි.
ඇමෙරිකා ජනාධිපති ඉරානයේ යටිතල පහසුකම්, පාලම් සහ විදුලි බලාගාර ආදිය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නේ නම්, එම ප්‍රහාරවලට තමන් ද හවුල් වන බැවින් පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් වළකින්නැයි ඊශ්‍රායලය ඉරාන වැසියන්ට කල් තියා අනතුරු අගවා තිබුණි.
මේ අතර, සෞදි අරාබිය සහ බහරේනය යා කරන ‘කිංග් ෆාඩ් කොස්වේ’ පාලම ද දින නියමයක් නොමැතිව වසාදැමීමට බලධාරීන් පියවර ගෙන ඇත. ඒ, ඉරානයෙන් එල්ල වන තර්ජන හේතුවෙනි. කිලෝමීටර් 25ක් දිගු මෙම පාලම, සෞදි අරාබිය සහ බහරේනය යා කරන එකම ගොඩබිම් මාර්ගය වන බව සඳහන් වෙයි.
ට්‍රම්ප්ගේ තර්ජනවලට ඉරානය ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ, ඇමෙරිකාව පහර දුන්නොත්, තමන් ඇමෙරිකන් හිතවාදී ගලෆ් රටවල පාලම්වලටත්, විදුලි බලාගාර සහ ජල පිරිපහදුවලටත් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවය. සෞදි අරාබිය සහ බහරේනය යා කරන ‘කිංග් ෆාඩ් කොස්වේ’ පාලම වසාදැමීමට බලධාරීන් පියවර ගෙන ඇත්තේ මේ නිසාය. යම් හෙයකින් ඊට ප්‍රහාරයක් එල්ල වුවහොත්, මහා විනාශයක් සිදුවීමේ අවදානමක් ඇතැයි සෞදිය පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් කියපු එක දෙයක්වත් කළේ නැත. නොකියන ලද දේවල්මයි කෙරුවේ...
දවස් දෙකෙන් ඉවර කරනවා කියලා පටන් ගත්තේ දැන් මාස එකහමාරක් ඉවරයි කටින් බතල හිටවනවා විතරයි. අපිට කලින් පෙන්නලා තියෙන්නේ කොම්පියුටර් ගේම්... දැන් තමයි නියම තත්වය බලා ගත්තේ... අපි අවුරුදු 30 ක් යුද්ධයක් කරපු රටක්... මතකද අන්තිම කාලයේ කොටි පාලම් වලට, වතුරට, බස්වලට, පන්සල්, පල්ලි වලට, ස්කෝල වලට පුළුවන් හැම තැනටම ගැහුවා. පරාජය ලංවෙනකොට මරුවිකලෙන් තමයි හැමෝම වැඩ කරන්නේ...
"ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය"... ජනාධිපති ට්‍රම්ප්ද එවැනි ජන නායකයෙකු බව යළිත් වතාවක් ලොවට පෙන්වා දී තිබේ. ඉරානයේ මොළේ නැති කළු මොල්ලන්ට ට්‍රම්ප් කිහිප වතාවක්ම කල් දුන්නත්, උන්ට ඒවා තෙරුම් ගැනීමට හැකියාවක් හෝ උවමනාවක් තිබුණේ නැත. ට්‍රම්ප් තවත් පාච්චල් වීමට අවශ්‍ය නැත ... දැන් ජනාධිපති ට්‍රම්ප් වැඩෙට බහින කම් ලොවම බලා සිටී. ඉරාන හිස් තෙල් බැරල් පුරවන්න වත් උන් ගේ අළු දූවිලි හොයාගන්න බැරි වෙයි... පව්...අනේ ... පව් !!!
කාලකණ්නි, ම්ලේච්ඡ ඇමරිකානුවනි, නුඹලා ඉරානයට පහර දීමට පෙර හෝමූස් විවෘතව තිබුණාද නැද්ද? එය වසා දැමුවේ නුඹලාගේ ප්‍රහාර වලින් පසුව නේද? නුඹලාගේ මේ අත්තනෝමතික ක්‍රියා කලාපයෙන් පීඩා විඳින්නේ සමස්ථ ලෝකයම නොවේද?