IMG-LOGO

ඉරාන-රුසියා ගනුදෙනුවලට ඇමෙරිකන් ඩොලරය නැහැ

රුසියාවත් ඉරානයත් අතර මින් ඉදිරියට පැවැත්වෙන ද්වීපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනුවලදී ඇමෙරිකන් ඩොලරය භාවිත නොකිරීමට දෙරටම පෙරේදා (21) තීරණය  කළේය. න්‍යෂ්ටික වැඩසටහනට මුවාවී පරමාණු බෝම්බ නිපදවනවා යැයි ඇමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙන් රුසියාව සමඟ පවත්වන වෙළෙඳ ගනුදෙනුවලදී ඇමෙරිකන් ඩොලරය භාවිතයට නොගැනීමට තමන් තීරණය කළ බවත් රුසියාව ද ඊට එකඟ වූ බවත් කියා සිටියේ  රුසියාවේ මොස්කව් නුවර සිටින ඉරාන තානාපතිවරයාය. ඇමෙරිකන් ඩොලරය වෙනුවට තම රටවල මුදල් ඒකක වෙළෙඳ ගනුදෙනුවලදී යොදා ගැනීමට ඉරානයත් රුසියාවත් එකඟ වී ඇති බව ද තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇමෙරිකාවේ අනුබලය මැද මේ වනවිට අවස්ථා හතරකදී ඉරානයට එරෙහි සම්බාධක පනවා ඇත. ඊට අමතරව ඇමෙරිකාව ද ඉරානයේ තෙල් වෙළෙඳාමටත් ආර්ථිකයටත් වෙනමම සම්බාධක පනවා තිබේ.



අදහස් (0)

ඉරාන-රුසියා ගනුදෙනුවලට ඇමෙරිකන් ඩොලරය නැහැ

එච්.එම්. සුජිත් ප්‍රියන්ත Monday, 23 January 2012 11:34 AM

ඒක හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 128 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site