ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, විශේෂ නියෝජිත පිරිසක් ද පිරිවරාගෙන චීනයේ බෙයිජීං අගනුවර බලා පැමිණියේය. ඉරාන ජනාධිපතිවරයා ඇතුළු නියෝජිත පිරිසට චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රමුඛ රජයෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.
ඉරාන ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි චීනයේ සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙයයි. දෙරට අතර ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීම එම සංචාරයේ අරමුණය.
ඊට අමතරව, ඉරාන ජනාධිපතිවරයෙකු මෙසේ චීන සංචාරයකට පැමිණියේ වසර 20 කට පසුව යැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉරානය කවදත් චීනයේ සමීපතම මිතුරකු බව චීන ජනාධිපති ෂී ජින්පින්, ඉරාන ජනාධිපති හමුවුණු අවස්ථාවේදී පැවැසුවේය.
අර්බුදයක් වී ඇති, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ ඉරානය අතරේ ඇයිහොඳයිකම් පළුදු වී ඇත. එම න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමින් ඇමෙරිකාව ඉරානයට සම්බාධක පැනැවීමක් ද කර තිබේ. එහෙයින්, ඉරානයේ සමීපතම මිතුරන් දෙදෙනා ලෙස චීනයත්, රුසියාවත් සැලකෙයි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉරාන ජනාධිපති චීනයේ සංචාරයක