ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුල් කොට ගනිමින්, ඉරානය සමඟ ගැටුම් ඇති කර නොගන්නා බවත්, එම න්‍යෂ්ටික වැඩසටහන නිසා හටගත් අර්බුදය රාජතාන්ති‍්‍රක මට්ටමින් විසඳා ගැනීමට කටයුතු කරන බවත් ඇමෙරිකා ජනාධිපති බැරැුක් ඔබාමා එක්සත් ජාතීන්ගේ 68 වැනි මහා මණ්ඩල සැසිවාරය අමතමින් පෙරේදා (24) කියා සිටියේය.
මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඇමෙරිකන් ජනපති ඔබාමා කළ දේශනයට තේමා වූයේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ සිරියානු අර්බුදයයි.
ඉරාන නව ජනපති හසන් රොව්හානී පසුගිය දා තරයේ කියා සිටියේ තම න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් නොවන බවය. ජනපති ඔබාමා, ඉරාන ජනපති හසන් රොව්හානිගේ එම ප‍්‍රකාශය උපුටා දැක්වීමක් ද කළ අතර ඔහු එම අවස්ථාවේදී අවධාරණය කළේ ඉරානය සමඟ යුද ගැටුම් ඇතිකර නොගන්නා බවත් පවතින අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට වෙහෙසන බවත්ය.
මහා මණ්ඩල සැසිය අතරතුරේ ඉරාන ජනාධිපති රොව්හානි සහ ඇමෙරිකා ජනපති ඔබාමා අතරේ හමුවක් පැවැත්වෙනු ඇතැයි බොහෝ දේශපාලන විචාරකයෝ විශ්වාස කළහ. කෙසේ නමුත්, ජනපති ඔබාමා හමුවීම ඉරාන ජනපතිවරයා ප‍්‍රතික්ෂේප කළ අතර, ඔබාමා ද ඉරාන ජනපති හමුවීම ප‍්‍රතික්ෂේප කළ බව වාර්තා විය.
ජනපතිවරුන් අතර හමුවක් නොපැවැත්වුණ ද ඉරාන විදේශ ඇමැති මොහොමඞ් ජවාඞ් සරීෆ්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පමණක් නොව බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් සමඟ ද සාකච්ඡා පැවැත්වීය.
ජෝන් කෙරී සහ ඇමැති ජවාඞ් සරීෆ් අතර මෙම සති අන්තයේදී තවත් සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතය. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ‘විවෘත සාකච්ඡාවක්’ පැවැත්වූ පළමු අවස්ථාව ද මෙයයි.
ඉරානය ගැන නම්‍යශීලීව කටයුතු කළත් සිරියානු අර්බුදය සම්බන්ධයෙන් දිගටම දැඩි ස්ථාවරයක හිද කටයුතු කරන බව ජනපති ඔබාමා කියා සිටියේය. සිරියාවේ සිදුවුණු විස වායු ප‍්‍රහාරයට රජය සම්බන්ධ බව ද ජනපති ඔබාමා කියා සිටියේය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉරානය සමඟ ගැටුම් ඇති කරගන්නේ නෑ: ඔබාමා කියයි
රනා Thursday, 26 September 2013 11:07 AM
ජයා.. ඇස් ඇරලා බලන්න. මේ පත්තරේ කොතනද තියෙන්නේ අපේ ජනපතිගේ හරවත් කතාව. අපිට ඔබාමට වඩා අපේ කෙනා උතුම්. ඉතින් මොකද මේ කුඩම්මාගේ සැලකිලි. (ස)
ජයා Thursday, 26 September 2013 11:22 AM
රනා, මම කීවේ මෙම ලිපියට අපේ ජනාධිපතිතුමාව සම්බන්ධයක් නැති බව. ඒක අවශ්‍ය තැනකදී පත්තරය දමාවි. අනික අපේ ජනාධිපති ඒ වෙනකොට සමුළුවේදී කතා කරලා තිබුනෙත් නැහැ. ලංකාදීපය කියන්නේ අවශ්‍ය තැනදී නියම වෙලාවට ජනතාව දැනුවත් කරන පුවත් පතක්. (ස)
කුමාර Friday, 27 September 2013 11:36 AM
යහපත් සිහි කල්පනාව තියෙන කිසිම පුද්ගලයකු උන්මත්තකයකු මොන දේ කිව්වත්, කලත්, උන් සමඟ පොර බදින්න යන්නේ නැහැ. නුවණ පාවිච්චි කරලා උන්මත්තකයා මඟ හැර ගෞරවනීය ලෙස ප්‍රශ්නය බේරාගන්නවා. (ස)
මාගරී Thursday, 26 September 2013 05:30 PM
පහුගිය කාලේ වගේ දැන් ඇමෙරිකාවට දගලන්න බැහැ වගේ. (නි)
පුන්චි බණ්ඩා Thursday, 26 September 2013 06:06 PM
බය වුණාද දන්නෙ නැහැ (නි)
දම්මික පෙරේරා Friday, 27 September 2013 12:34 PM
තුන් වන ලෝකයේ සංවර්ධනය වන රටවල් සහ තවමත් සංවර්ධනය නොවූ රටවල් මෙන් නොව ඇමරිකාව බටහිර රටවල් චීනය ඉන්දියාව ඇතුළුව . ඔවුන් බලයට පත්වන්නේ තම රටට වාසිදායක ආර්ථික සහ වෙළඳ වාසි තම රටට ලබා ගැනිමටත් තම ජාතිය ලෝකයේ උසස්ම ජාතිය කිරීමටත්ය . නමුත් අප වැනි රටවල් කරන්නේ එයට විරුද්ධ දේවල්. (ස)
ටිරෝන් සෙනෙවිරත්න Thursday, 26 September 2013 01:02 PM
මේ ගොල්ලන්ට එක කරන්නත් බැහැ කෙරුවොත් විසුමකුත් නැහැ
කටා මාමා Thursday, 26 September 2013 01:07 PM
කිසිකෙනෙක් ගැන මගේ විශ්වාසයක් නෑ. රටට ආදරෙයිද කියා (අ)
රණා Thursday, 26 September 2013 08:22 AM
අපේ ජනාධිපතිතුමා කතා කළේ නැද්ද? (නි)
චාමි Thursday, 26 September 2013 09:19 AM
කෝ හැබැටම අපේ ජනපති.. පත්තර කාරයන්ට අමතක වෙළද. අමතක්ල කරලද. (අ)
ජයා Thursday, 26 September 2013 09:32 AM
අපේ ජනපතිතුමා මෙතනට ඇති සම්බන්ධය කුමක්ද? (අ)