IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ඉරානයට පැනැවූ සම්බාධක ලිහිල් කරන්න ඇමෙරිකාවේ සූදානමක්

ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු පාලනයකින් යුතුව සිදු කරන්නේ නම්, එරටට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට තමන් පියවර ගන්නා බව ඇමෙරිකාව පවසයි.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (26) කසකස්ථානයේ ඔල්මාටි නුවරදී ආරම්භ වූ අතර  ඇමෙරිකාවේ නියෝජිතයෝ පිරිසක් ද ඊට සහභාගී වෙති.
සමුළුවට සහභාගී වන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන්  වන ඇමෙරිකාව, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය, රුසියාව, චීනය සහ ජර්මන් නියෝජිතයන්ය. ඔවුහු ඉරාන නියෝජිතයන් සමඟ සාකච්ඡා කරති.
ඉරානයේ ‘හිතුවක්කාර’ වැඩසටහන සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදයට රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමින් විසඳුමක් ලබාදීම මෙම හමුවේ අරමුණ යැයි ඇමෙරිකාව වැඩි දුරටත් කියා සිටී.
කෙසේ නමුත් තම න්‍යෂ්ටික වැඩසටහන යටතේ, න්‍යෂ්ටික අවි නිපදවීමට තමන්ට කිසිම අවශ්‍යතාවක් නැති බවත් එසේ කිරීමට අවශ්‍ය නම්, කිසිම රටකට ඊට හරස් විය නොහැකි බවත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කොමේනී අවධාරණය කර ඇත.
ඉරානය මීට පෙර ද අවස්ථා ගණනාවකදී පවසා සිටියේ තම න්‍යෂ්ටික වැඩසටහන යටතේ න්‍යෂ්ටික අවි නිපදන්නේ නැති බවත් බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කළ බවත්ය.
එම අවස්ථාවේදී ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් මෙන්ම ඊශ‍්‍රායලය ද  තරයේ කියා සිටින්නේ ඉරානය ඔවුන්ගේ ‘හිතුවක්කාරී’ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී ලොවට වින කරන න්‍යෂ්ටික අවි නිපදවන බවය. ඉරානයට එරෙහිව ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය වෙළෙඳ සහ ආර්ථික සම්බාධක පැනැවීමට කටයුතු කළේ ඒ අනුවය.
සම්බාධක යොදා ලොවෙන් හුදෙකලා වී සිටියත් ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනින් පමණක් නොව අභ්‍යවකාශ වැඩසටහනින් ද විශාල ප‍්‍රගතියක් ලබා සිටී. මේ අතර න්‍යෂ්ටික වැඩසටහන යටතේ බලගැන්වූ යුරේනියම් න්‍යෂ්ටික බලාගාරවල ප‍්‍රතිකි‍්‍රයාකාරක බල ගැන්වීමට ඉන්ධන ලෙස යොදා ගැනීමට ද ඉරානය තීරණය කර තිබේ. ඉරානය ඔවුන් ගත් එම තීරණය ලොවට අනාවරණය කළේ ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරිය හරහාය.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ කටයුතු ගැන සොයා බලන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් එම පරමාණු බලශක්ති අධිකාරියයි.
ඉරානය ගත් එම තීරණයත් සමඟ බටහිර රටවලින් එල්ල වන චෝදනා පහවී යනු ඇතැයි බටහිර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන පියවර කිහිපයකින් ඉදිරියට ගෙන යෑමට තීරණය කළේ මේ මස මුලදීය. එම අවස්ථාවේදී ඇමෙරිකා රජය වෙනුවෙන් ඇමෙරිකා උප ජනාධිපති ජෝ බයිඩන් ඉරාන න්‍යෂ්ටික වැඩ සටහන සම්බන්ධයෙන් මුහුණට මුහුණලා සාකච්ඡා පැවැත්වීමට උත්තරීතර නායක කොමේනිට ආරාධනාවක් කළේය. එහෙත් කොමේනි එම ආරාධනාව ප‍්‍රතික්ෂේප කළේය.
ඇමෙරිකාවේ එම ආරාධනාව ප‍්‍රතික්ෂේප කරමින් උත්තරීතර නායක අයතුල්ලා කොමේනී වැඩි දුරටත් කියා සිටියේ, ඇමෙරිකාව සමඟ මුහුණට මුහුණ සාකච්ඡා කිරීමෙන් පමණක් න්‍යෂ්ටික අර්බුදය සම්බන්ධයෙන් හටගත් අර්බුදය විසඳිය නොහැකි බවය.
කෙසේ නමුත් ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් පවසා තිබුණේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට තමන් කැමැති බවය. කසක්ස්ථානයේ ඔල්මාටි නුවරදී සාකච්ඡා ඇරැඹුණේ ඒ අනුවය. සාකච්ඡුා අද (27) අවසන් වෙයි.



අදහස් (0)

ඉරානයට පැනැවූ සම්බාධක ලිහිල් කරන්න ඇමෙරිකාවේ සූදානමක්

උපුල් Wednesday, 27 February 2013 02:56 PM

එහෙම නොකළොත් ඇමරිකාවට කරදර වෙනවා. (නි)

:       0       0

ලක්ෂාන් Wednesday, 27 February 2013 10:26 PM

මොකටද තවත් සාකච්ඡා? (නි)

:       0       0

හේරත් Wednesday, 27 February 2013 10:30 PM

නැහැ අනේ, කර වැහුව්වට, අත් වැහැව්වට කපන්න බැරි අත සිඹිනවා කිවවලු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1713 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site