දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන්නැයි බල කරමින්, එරට ප්‍රධාන නගර රැසක විරෝධතා දිගටම පැවැත්වෙයි.

විරෝධතා සංවිධානය කර ඇත්තේ ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් එක් වෙමිනි.

ඉම්රාන් ඛාන් පමණක් නොව, ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ නායකයන් බොහෝ දෙනකු මේ වනවිට ඉම්රාන් සේම සිරගත කර සිටින බව ද පැවැසෙයි.

පාකිස්තාන දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රජයක් පිහිටුවීමට නොහැකි වුවත්, පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ඇති ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පාකිස්තාන රජය දුර්වල කිරීමට උත්සාහ ගන්නා බවය.

(එන්.ඩී.ටීවී.)