
අතීතයේ පැවති අනියම් ආදර සබඳතාවයකින් තමන්ට දියණියක සිටින බව, නාම යෝජනා පත්‍රයේ සඳහන් කර නොතිබීම හේතුවෙන් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අර්බුදයකට මුහුණ පා සිටී.
මෙම සිද්ධිය මුල්කොට ගනිමින් ඉම්රාන්ගේ දේශපාලන ජීවිතය අවදානමට ලක්ව ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කර තිබේ.
බ්‍රිතාන්‍යයේ බිලියනපතිනියක වන සීතා වයිට් නම් කාන්තාවක් සමඟ අනියම් ආදර සබඳතාවක් ඉම්රාන් ඛාන් පවත්වා තිබේ.ඉම්රාන් ඛාන් ඉන් උපන් ඔහුගේ දියණියට හොර රහසේම පියෙකු වී ඇත.ටිරියන් ජේඞ් නම් මෙම දියණිය 27 හැවිරිදි වියේ පසුවෙයි
පාකිස්තාන මැතිවරණ නීතියට අනුව අපේක්ෂකයකු ඔහුගේ බිරිඳ සහ ඔහුගෙන් යැපෙන ළමුන් ගණන නාම යෝජනා පත්‍රයේ සටහන් කිරීම අනිවාර්ය කරුණකි.
2018 වසරේදී පැවති පාකිස්තාන මැතිවරණයේදී ඉම්රාන් ඛාන් තමාගේ බිරිඳ ජෙමිනා ඛාන්ට දාව පිරිමි පුතුන් දෙදෙනෙකු සිටින බව සඳහන් කර ඇතත් එහිදී ටිරියන් ජේඞ් පිළිබඳව සඳහනක් කර නොමැති බව පැවැසෙයි.
තමාට ආදර සබඳතාවයකින් උපන් දියණියක සිටින බව ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් ඉම්රාන් ඛාන් පාකිස්තාන මහාධිකරණයට කැඳවා තිබේ.ඒ ඔහු දියණියක් සිටීම වසන් කරමින් පාකිස්තාන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් නීති සම්පාදකයකු වීම නුසුදුසු යැයි ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කර තිබීම හේතුවෙනි.
වරදකරු වුවහොත් වසර පහක කාලයක් සඳහා මැතිවරණයකට තරඟ වැදිය නොහැකි අතර ඒ හේතුවෙන් මාර්තු මස පැවැත්වෙන පකිස්තාන මැතිවරණයට තරඟ වැදීමේ අවස්ථාවද ඉම්රාන් ඛාන් හට අහිමි වීමට අවස්ථාවක් තිබෙන බව පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2129
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉම්රාන් ඛාන් අලුත් අර්බුදයක