ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ ටාපී දිස්ත්‍රික්කයේ දිසා විනිසුරුවරයකු ගවයන් වෙනුවෙන් හඬ නගා තිබේ. දිසා විනිසුරුවරයා ගවයන් වෙනුවෙන් හඬ නගා ඇත්තේ, අනවසරයෙන් ගවයන් ප්‍රවාහනය කිරීමේ වරදට චෝදනා ලැබ අධිකරණයට ගෙන ආ 22 හැවිරිදි තරුණයකුට දඬුවම් ලබා දෙමිනි.

“ගවයා කියන්නේ උතුම් සත්වයෙක්. ගවයා අපේ මෑණියන් වගේ. ගව ඝානනයට කිසිදු සමාවක් නැහැ. ගව මුත්‍ර ලෙඩ රෝග රැසකට හොඳ ඖෂධයක්. ගව මුත්‍ර ඖෂධීය පානයක්. ගොම ආලේප කළ නිවෙස්වලට හිරුගේ අහිතකර විකිරණ පවා ඇතුළු වෙන්නේ නැහැ.” යැයි විනිසුරුවරයා පැහැදිලි කළේය.

22 හැවිරිදි තරුණයා ගුජරාඨයේ සිට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට අනවසරයෙන් ගවයන් ප්‍රවාහනය කරමින් සිටිද්දී පොලිස් අත්අඩංගුවට පත් වූ අයෙකු යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)