
කැනඩාවේ ජීවත් වන, ඉන්දීය විරෝධීන් ඉලක්ක කර ගනිමින්, ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට ඉන්දීය රජය සැලැසුම් කර ඇතැයි අනාවරණය වීමත් සමඟ, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රමුඛ රජය එරට ඉන්දීය තානාපති නිලධාරීන් 6 දෙනකු නෙපරා හැරීමට කටයුතු කළේය.
ඒ අනුව, කැනඩාවත් ඉන්දියාවත් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය නැවත වරක් උත්සන්න වූ බව විදෙස් මාධ්‍ය පවසයි. ඊට එකට එක කිරීමක් ලෙස ඉන්දීය රජය එරට සිටි කැනඩා තානාපතිවරුන් හය දෙනකු නෙරපා දැමීමට කටයුතු කළ බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.
කැනඩාවත් ඉන්දියාවත් අතර හොඳහිත පළුදු වූයේ 2023 වසරේදීය. ඒ, කැනඩාවේ ජීවත් වූ කැනඩා පුරවැසිභාවය ලැබ සිටි, ඉන්දීය ෂීක් ජාතික හර්දීප් සිං ඝාතනයයි. ඉන්දීය රජයට අනුව, හර්දීප් සිං, කලිස්තාන් නමැති ෂීක් බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයේ නායකයාය.
කැනඩාවේ දී හර්දීප් සිං වෙඩි තබා ඝාතනය කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජයේ ඒජන්තවරුන් යැයි විමර්ශනවලින් හෙළි වුණු බව කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝ එම අවස්ථාවේදී පැහැදිලි කළේය. කැනඩා පුරවැසියකු වූ හර්දීප් සිං ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව ඉන්දියාවට දිගින් දිගටම දොස් නැගුවේය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
485
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉන්දු කැනඩා අර්බුදය ඔඩුදුවයි