ඉන්දු ඇමෙරිකන් අමාත්‍යවරුන්ගේ හමුවක් නවදිල්ලි අගනුවරදී පැවැත්විණි. ඒ, ඉන්දියාවත් ඇමෙරිකාවත් අතර පවතින මිතුදම් තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්ය.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, එරට ආරක්ෂක ලේකම් ලොයිඞ් ඇස්ටින් ඇතුළු ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයෝ බොහෝ දෙනෙක් හමුවට සහභාගී වීමට නවදිල්ලි අගනුවරට පැමිණ සිටිති.
දෙදිනක් තිස්සේ අමාත්‍යවරුන්ගේ හමුව පැවැත්වෙයි. ඇමෙරිකා ාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් නවදිල්ලියට පැමිණියේ දකුණු කොරියාවේ සෝල් අගනුවරට ගොස්, දකුණු කොරියා විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය. ඊට පෙර බ්ලින්කන් ජපානයේ ටෝකියෝ අගනුවර පැවැත්වුණු ‘ජී7’ කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුවට ද සහභාගී විය.
ඉන්දියාවත් ඇමෙරිකාවත් අතර මෙසේ අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්වෙන්නේ පස්වැනි වරටය. කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන්, චීනයෙන් එල්ල වන කර්ජන සම්බන්ධයෙන් පමණක් නොව, ඊශ්‍රායල හමාස් ගැටුම සහ රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද අමාත්‍යවරුන් අතරේ සාකච්ඡා පැවැත්විණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දු-ඇමෙරිකන් ඇමතිවරුන්ගේ හමුවක්