මිනිස් ඉන්ද්‍රියන් සිරුරෙන් බැහැරව වුවද කි‍්‍රයාකාරී තත්ත්වයේ පවත්වා ගැනීමේ සමත් උපකරණයක් නිපදවීමට ඇමරිකා විද්‍යාඥයින් පිරිසක් සමත්ව සිටිති.
මෙය වැදගත් වනු ඇත්තේ ඉන්ද්‍රිය බද්ධ සිදුකරන ශල්‍යකර්ම වලදී බව ඔවුන් කියයි.
දැනට ඉන්ද්‍රිය බද්ධයක් සිදුකරන්නේ නම් ශල්‍යකර්මයට පෙර සිදුකළ යුතු කටයුතු බොහෝමයක් ඇත.
පරිත්‍යාගිකයින්ගෙන් ලබා ගැනෙන අක්මාවක්,හෘදයක්,වකුගඩුවක්,පෙනහැල්ලක් වැනි ඉන්ද්‍රියන් අදාළ රෝගියාට එක්වනම බද්ධ කිරීම සිදුනොකෙරෙන අතර රෝගියා ශෛල්‍යකර්මයට සූදානම් කෙරෙන තෙක් එම ඉන්ද්‍රිය රඳවා තබා ගනුයේ අධි ශීත පරිසරයකය.අනතුරුව බද්ධ කිරීම සිදුකිරීමට යාමේදී යළිත් එම ඉන්ද්‍රිය අධි ශීත පරිසරයෙන් මුදවා ලීමටත් ඉන්ද්‍රියේ ආරක්ෂාවට එයට කිසියම් රසායන ද්‍රව්‍යයන් යොදා ඇත්නම් ඒවා ඉවත් කිරීමටත් සිදුවේ.
කෙතරම් කල් තබා ගැනීමේ උපක‍්‍රම භාවිතා කළත් නැවත මිනිස් සිරුරකට බද්ධ කිරීමට නම් මිනිස් ඉන්ද්‍රියක් සංරක්ෂණය කර තබා ගත හැකි කාලසීමාවක් තිබේ.පැය 20 ක් වැනි කාලයක් සංරක්ෂණය කර තබා ගත හැකි වකුගඩු වලට ඉහළම සංරක්ෂණ කාලය තිබෙන අතර හෘදයක් හෝ පෙනහැල්ලක් වැනි අවයවයක් යළිත් බද්ධ කෙරෙන තෙක් සංරක්ෂණය කර තබාගත හැක්කේ පැය 5 - 6 වැනි කාලයක් පමණි.
නව උපකරණයෙන් ඉන්ද්‍රියක් ශල්‍යකර්මයකට ගැලපෙන සේ සකස් කර ගැනීමට මේ තරම් කරදර වීමට සිදුනොවනු ඇතැයි එහි නිර්මාපකයෝ කියති.
කුඩා ප්ලාස්ටික් බෑගයක් හා සම වන මේ උපකරණයට හෘදයන් ස්පන්දනය කරවීමට,අක්මාවෙන් පිත නිපදවීමට,පෙනහලූ කි‍්‍රයාකාරී තත්ත්වයේ පවත්වාගැනීමට,වකුගඩු වලින් මුත‍්‍රා නිපදවීමට ආදී ලෙස එයට යොදන ඉන්ද්‍රියන් කි‍්‍රයාකාරීව පවත්වාගත හැකි යැයි සදහන්වේ.විද්‍යාඥ පිරිසට අනුව මෙම උපකරණය ආධාරයෙන් ශල්‍යකර්මයේදී කෙළින්ම අදාළ ඉන්ද්‍රිය බද්ධ කිරීමට වෛද්‍යවරුන්ට හැකිය.
ඉන්ද්‍රිය කි‍්‍රයාකාරී තත්ත්වයේම පවත්වාගත හැකි නිසා තවදුරටත් සංරක්ෂණ කාලය ගැන වදවිය යුතු නැතැයිද විද්‍යාඥ යෝ පවසති.
උපකරණයේ පිහිටෙන් ජීවී තත්ත්වයේම පවත්වාගත් පෙනහැල්ලක් පසුගියදා ඇමරිකා කාන්තාවකට බද්ධ කළ අතර සැත්කමින් පසුව ඇය දැන් සුවෙන් සිටින වෛද්‍යවරු කියති.
දැනට ඇමරිකාවේ රෝහල් කිහිපයක්ම මෙම උපකරණය භාවිතයට ගෙන තිබෙන අතර ඉදිරියේදී එය රට පුරා ව්‍යාප්ත කිරීමටත් උපකරණයේ වැඩිදියුණු කළ සංස්කරණයන් හදුන්වාදීමටත් විද්‍යාඥයෝ පිරිස බලාපොරොත්තුවෙන් සිටිති.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉන්ද්‍රිය බද්ධ කිරීමේ පෙරැළියක්
විද්‍යා Thursday, 13 February 2014 12:37 AM
හෙලී කින කතාව ඇත්ත. උතුම් ඉතිහාසයක් ගෙන උදම් අනමින් අනාගතයට වල කපන ජාතියක් . අපේ දොස්තරලා ගොඩක් අය බටහිර රටවලට ගිහින් තමඊ අලුත් දේවල් ඉගන ගත්තේ. (දී)
jeevan Monday, 10 February 2014 03:55 AM
මේවා බටහිරින් එන නිසා අපට එපා...(අ)
හේලි Monday, 10 February 2014 07:51 AM
ජීවන් නියම කතාව! අපි ඉතින් මේවත් ප්‍රතික්ෂේප කරලා ඉතිහාසය ගැන උදම් අනමින් ඉඳිමු! (නදී)