IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 

ඉන්දියාවේ සිට සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා පියාසර කළ එක් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන්  මගී ගුවන් යානයක් සිංගප්පූරු ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානාවල ආරක්ෂාව යටත්, ජනාකීර්ණ පළාත්වලින් ඉවතට ගෙන යමින්, ගුවන්තොටුපොළේ හුදෙකලා ගුවන් පථයකට ගොඩ බෑ බව ද වාර්තා වේ.

මීට අමතරව, ජායිපූර් සිට අයෝධ්‍යාව හරහා බැංගලෝර් දක්වා යන ගුවන් යානයකට, බැග්ඩෝග්‍රා සිට බැංගලෝර් බලා යන ගුවන් යානයකට, දිල්ලි සිට චිකාගෝ බලා යන ගුවන් යානයකට, සෞදියේ සිට ලක්නව් බලා යන ගුවන් යානයකට, අම්රිත්සාර් සිය ඩේරාඩුන් යන යානයකට, මදුරෙයි සිට සිංගප්පූරුව දක්වා යන යානයකට මෙසේ සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වුණු බව වාර්තා වේ.

මෙම යානා සියල්ල ගුවන්තොටුපොළවලට ආරක්ෂිතව ගොඩබෑ බවත්, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඒවායින් ඉවත් කර සෝදිසි කෙරුණත් පුපුරන ද්‍රව්‍ය හෝ බෝම්බ හෝ හමුනොවුණු බවත් පැවැසෙයි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (1)

ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන

de silva Wednesday, 16 October 2024 03:36 PM

කවුරුහරි ලණුවක් දීලා...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 623 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17603 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site