IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ඉන්දීය ජාතික සිනමා උළෙලකදී ෂාරුක්ට සම්මානයක්

ඉන්දීය ජාතික සිනමා උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් පසුගිය දා සමත් විය. ෂාරුක්ට මෙම සම්මානය හිමිවූයේ, ඉන්දීය ජාතික චිත්‍රපට සංවර්ධන සංස්ථාව සංවිධානය කළ 71 වන ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදීය.

ෂාරුක් ඛාන් ෆිල්ම්ෆෙයාර් ඇතුළු ඉන්දීය සම්මාන උළෙලවලදී පමණක් නොව, විදෙස් සම්මාන උළෙලවලදී ද හොඳම නලුවාට හිමි සම්මාන රැසකින් පිදුම් ලබා සිටින නමුත්, ඉන්දීය ජාතික සිනමා උළෙලකදී හොඳම නලුවාට හිමි සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

2023 වසරේ තිරගත වූ චිත්‍රපට වෙනුවෙන් මෙම සම්මාන උළෙල පැවැත්වෙන අතර, ඒ අනුව එම වසරේ තිරගත වූ 'ජවාන්' චිත්‍රපටය වෙනුවෙන් ෂාරුක්ට මෙම සම්මානය හිමිවනු ඇත. ජවාන් චිත්‍රපටයට ඉන්දීය රුපියල් කෝටි 1,148 කට අධික ආදායමක් උපයා ගැනීමට හැකි වූ අතර, එය එම වසරේ වැඩිම ආදායමක් උපයාගත් ඉන්දියානු චිත්‍රපටය ද ජවාන් විය.

71 වන ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී ෂාරුක් පමණක් නොව, ටුවෙල්ත් ෆේල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ වික්‍රාන්ත් මසේයිට ද හොඳම නලුවාට හිමි සම්මානය හිමිවීම විශේෂත්වයකි. 2023 වසරේ හොඳම චිත්‍රපටය බවට පත්වූයේ ටුවෙල්ත් ෆේල් චිත්‍රපටයයි.

ඊට අමතරව, හොඳම නිළියට හිමි සම්මානය, බොලිවුඩ් නිළි රාණි මුකර්ජිට හිමිවිය. ඒ, ඇය රංගනයෙන් දායක වූ මිසිස් චැටර්ජී වර්සස් නොර්වේ යන චිත්‍රපටය වෙනුවෙනි. මෙය, ෂාරුක් මෙන්ම, රාණි මුකර්ජිගේ ද දශක තුනක සිනමා දිවියේ ලබාගන්නා පළමු ඉන්දීය ජාතික චිත්‍රපට සම්මානය ලෙස සැලකෙයි.



අදහස් (0)

ඉන්දීය ජාතික සිනමා උළෙලකදී ෂාරුක්ට සම්මානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1082 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site