IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඉන්දීය චන්ද්‍ර යානය සඳේ කක්ෂයට පිවිසෙයි

සඳ ගවේෂණයට ඉන්දියාව යැවූ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ ගවේෂණ යානය,  සාර්ථකව සඳේ කක්ෂයට පිවිසියේය.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන්, ‘චන්ද්‍රයාන් 3’ යානය, අභ්‍යවකාශයට තල්ලු කළේ පසුගිය ජූලි 14 වැනිදා, ‘ජීඑස්එල්වී’ හෙවත් ‘බාහුබලී’ රොකට්ටුවේ ආධාරයෙනි.

අභ්‍යවකාශයට යැවුණු ‘චන්ද්‍රයාන් 3’ යානය, පෘථිවි කක්ෂයේ රැඳෙමින්, අවශ්‍ය ප්‍රවේගය ලබා ගැනීමෙන් පසු, සඳ බලා ගමන් ඇරැඹුවේය. යානය සඳුගේ කක්ෂයට පිවිසියේ  ඊයේ (5) ය.

‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය මවු යානයක් වැනිය. ඒ තුළ පතිත කරවන යානයක් සහ රෝවර් යානයක් ඇත. රෝවර් යානය ඇත්තේ පතිත කරවන යානය තුළය. 

පතිත කරවන යානය ‘වික්‍රම්’ යනුවෙන් ද රෝවර් යානය ‘ප්‍රාග්යාන්’ යනුවෙන් ද නම් කර තිබේ. ‘ප්‍රාග්යාන්’ රෝවරය ද සමඟ වික්‍රම් යානය සඳට ගොඩබෑම සිදුවන්නේ ලබන අගෝස්තු 23 වැනිදාය.



අදහස් (2)

ඉන්දීය චන්ද්‍ර යානය සඳේ කක්ෂයට පිවිසෙයි

සනත් ගමගේ Sunday, 06 August 2023 11:22 AM

1955දී යෝජනා වූ ගිං නිල්වලා යෝජනා ක්‍රමය අපට තවමත් ක්‍රියාත්මක කරගන්න බැරිවුණා. එය ක්‍රියාත්මක කළා නම් අද රුහුණේ අක්කර 9000ක් ජලය නැතිව විනාශ වන්නේ නැහැ. ගාල්ල, මාතරට ගංවතුර තර්ජනයත් නැහැ. ඉන්දියාව හඳ බලන්නත් රොකට් යවනවා...

:       0       2

Lalla Sunday, 06 August 2023 11:41 AM

ඕක චීචී ඩබල් ඩොක්ටර්ගේ නිර්මාණයක් නේද? රාජපක්ෂ පවුලට හඳේත් ඉඩමක් තියෙනවාද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 406 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 118 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 798 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site